විශ්මිත ගුණයක් දෙන අගනා ඔසුවක් වන කැබැල්ල දළු සහ ගෙඩි

නොවැම්බර් 8, 2019

දේශීය ආහාර අතර ඔසු ගුණයක් දෙන කැබැල්ල දළු, මේ තුළින් රෝග කිහිපයක් සුව කිරීමටත් වස විස නැති දේශීය ව්‍යංජනයක් වශයෙන්ද නම් කළ හැකි අතර කැබැල්ල ගෙඩි රසවත් පලතුරක් වශයෙන්ද සඳහන් කළ හැකි අතර කැබැල්ල වලින් සුවකරගත හැකි රෝග කිහිපයක් වශයෙන් මදුමේහය රෝගය, ලේ පිරිසිදු කිරීම, මුත්‍රා රෝග නිවාරණය සඳහා, තුවාල සුව කිරීමට,අම්ල පිත්ත රෝගයෙන් උදරයේ තුවාල හටගත් අයට, අධික දහඩිය දමන අයට,කාන්තා මාසික දිනවලදී ඇතිවෙන වේදනාව, අවම කරගන්න ආදී රෝගවලට විශේෂ ඔසු ගුණයක් කැබැල්ල දළු ආහාරයට ගැනීමෙන් ලබාගත හැකිය.

මීට අමතරව ඉතාමත් රසවත් ව්‍යංජනයක් ලෙස ආහාර මේසයටද එක්කර ගත හැකිය. අද සමාජයේ වස විස එළවළු වර්ග බහුලව ඇති අතර වස විස නැති ශ්‍රී ලාංකික ආහාරයක් ලෙස මෙය සඳහන් කළ හැකිය. ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙන කැබැල්ල ශීත ප්‍රදේශවලදී පමණක් ඔසු ගුණය තරමක් අඩුවේ. වියළි කලාප හා සමහර කලාපවල හටගන්නා කැබැල්ල ගුණාත්මක භාවයෙන් ඉහළතාවයක් ඇත.

මීට අමතරව වකුගඩු රෝගයෙන් පීඩා විඳින අයට හා වකුගඩු රෝගයට ගොදුරු වීමට ආසන්නව සිටින රෝගීන්ටත් ඉතාම වටිනා ඔසුවක් වශයෙන් හඳුන්වාදීමට පුළුවන. මෙම වටිනා ඔසුව ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳව දැනුවත් වෙමු. කැබැල්ල දළු ආහාර වශයෙන් ගන්නා ආකාරය පැහැදිලි කරමු.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

දේශීය පාරම්පරික වෛද්‍ය
දේශබන්ධු
ඩී.පී.ඒ. පාලින්ද

 



subasetha

Comments