ලෝකයම ලෙඩකරවන කෘත්‍රීම රසකාරක

නොවැම්බර් 8, 2019

තිත්ත රස, ඇඹුල් රස, කහට රස, පැණි රස, ලුණු රස ආදී රසයන්ගෙන් වැඩි දෙනෙක් වඩාත් කැමැත්තක් දක්වන්නේ ලුණු රසයට බව රහසක් නොවෙයි. වෙළඳපොළේ සුලබව විකිණීමට තිබෙන ප්‍රයිඩ් රයිස් නූඩ්ල්ස් වර්ග, චීස් වර්ග, බිස්කට් වර්ග, විවිධ බයිට් වර්ගවල ආදී වශයෙන් මේ පි‍්‍රයජනක ලුණු රසය අන්තර්ගත වේ.

මෙවැනි මිහිරි රසයක් නංවන්නට ලෝකයේ සෑම රටකම භාවිතාවන ඉතාම අහිතකර කෘත්‍රීම රසකාරකය වන මොනොසෝඩියම් ග්ලුටමේට් හෙවත් ර්ඉට් රසකාරකය ගැනයි මේ තොරතුරු.

ග්ලුටමික් ඇසිඩ් පිළිබඳව මුලින්ම පර්යේෂණ කර තිබෙන්නේ වර්ෂ 1860 දී පමණ ජර්මනියේ විසූ රසායන විද්‍යා විශේෂඥයින් පිරිසකි. එමෙන්ම වර්ෂ 1908 දී පමණ ජපන් විද්‍යාඥයන් පිරිසක් ග්ලූටමික් ඇසිඩ් රසකාරකයක් ලෙස යොදාගැනීම පිළිබඳව පර්යේෂණ සිදුකර ඇත.

අදින් වසර 44 කට පමණ පෙර එංගලන්තයේ සරේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් පැණි රස නැති ලුණු රස, ඇඹුල් රස හා තිත්ත රස මිශ්‍ර වුණු මොනොසෝඩියම් ග්ලුටමේට්

පිළිබඳව හඳුනාගෙන ඇත. ර්ඉට් රසකාරකය වෙළඳපොලේ ජනපි‍්‍රයම ආහාර ද්‍රව්‍යවලට මිශ්‍ර කිරීම අරඹන්නේ අදින් වසර 70 කට පමණ පෙර සිටය. මෙම රසකාරකය විවිධ නාමයන්ගෙන් ලොව පුරා ආහාර ද්‍රව්‍ය රසවත් කිරීමේ රස කාරකයක් ලෙස ප්‍රචලිත කළ ලෝකප්‍රකට සමාගම් පහක් පිළිබඳව අන්තර්ජාලයෙන් වාර්තා වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

සටහන, රඹුක්කන
කීර්ති එස්. කුමාර

 



subasetha

Comments