මාංශපේශි වර්ධනයට ප්‍රෝටීන් ලබාදෙන මුරුංගා

නොවැම්බර් 29, 2019

ප්‍රබල ඖෂධ ශාකයක්වන මුරුංගා ගැන එතරම් සැළකිල්ලක් නොදක්වන බව ගෘහණියන් වෙළඳ පොළට ගොස් එළවළු මල්ල රැගෙන එන විට පෙනේ. ඒ මුරුංගා වල ඇති ඖෂධීය ගුණාංග පිළිබඳව ඔවුන් නොදන්නවා විය හැකි බැවිනි. මුරුංගා ශාකයේ විවිධ කොටස් ඒ ඒ රෝගී අවස්ථාවලදී ප්‍රයෝජනයට ගනිති. විශේෂයෙන් මුරුංගා කොළ, මුරුංගා කරල්, මුරුංගා පොතු , මුරුංගා මල් හා මුරුංගා මුල් ද ඖෂධ සඳහා ගනු ලබයි. මුරුංගා කරල් හටගනු ලබන්නේ එක්තරා කාලයකටයි. එහෙත් මුරුංගා කොළවල අඩුවක් වන්නේ නැත. එසේ හැදී වැඩී ඇති මුරුංගා කොළයේ ඇති ඖෂධය ඉමහත්ය. මුරුංගා කොළ පිළිකා නාශකයක් විටමින් ප්‍රතිඔක්සිකාරයක් .මේ නිසා පිළිකා වැළැක්වීමේ පුදුම ගුණයක් පවතී.

අධික රුධිර පීඩනය ඇති අයටද මුරුංගා කොළ ඉතාම ගුණදායකය. දරුවන්ගේ අස්ථි වර්ධනයට මෙන්ම මාංශපේශී වර්ධනයට ද මුරුංගා කොළවලින් ලැබෙන මෙහෙය අපමණයි. අවශ්‍යවන ප්‍රෝටීන් ලබාදීමටත් මුරුංගා කොළ බෙහෙවින් උදව් වෙනවා. මුරුංගා කොළවල බෙහෙවින් යකඩ පවතිනවා. ඒ නිසා ශරීරයේ යකඩ ඌනතාව මගහැරීයෑමටත් මුරුංගා ප්‍රබල ඖෂධයකි. වේළු මුරුංගා කොළ ග්‍රෑම්සියයක් ගත්තොත් එහි ශක්තිය කිලෝකැලරි 64 ද ,කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 8.28 ,විටමින් ඒ මයික්‍රොග්‍රෑම් 386 ද පොස්පරස් මිලි ග්‍රෑම් 112 ද යකඩ මිලිග්‍රෑම් 0.4 ද ප්‍රෝටීන ග්‍රෑම් 9.4 ද මැග්නීසියම් මිලිග්‍රෑම් 147 පොස්පරස් මිලිග්‍රෑම් 112 ද පොටෑසියම් මිලිග්‍රෑම් 337 ද, කෙඳි ග්‍රෑම් 1.4 ද පවතී. මුරුංගා උෂ්ණාධික ආහාරයක් වන මුරුංගා ආහාර දිරවීම අතින් ඉහළ අගයක පවතී.

මුත්‍රාගල් සමනය කිරීමටත් මුත්‍රාවල අඩංගු අධික ආම්ලිකතා ගතිය අඩුකිරීමටත් මුරුංගා බෙහෙවින් ක්‍රියාකාරි වේ. මන්දපෝෂණය ඇති අයට මුරුංගා කොළ ,කිරිහොද්ද හොඳ ඖෂධයකි. කිරිදෙන මව්වරුන්ටද මුරුංගා කොළ මැල්ලුම හා මුරුංගා කොළ කිිරි හොද්ද ගුණදායකය. විටමින් හා ඛනිජ පදාර්ථ විශාල ප්‍රමාණයක් අන්තර්ගත මුරුංගා කොළ පෝෂණ ගුණයෙන් ඉතා අධික ආහාරයකි. එමෙන්ම මුරුංගාවල විටමින් ඒ, විටමින් බී, විටමින් බී 2 ,විටමින් සී යන විටමින් පදාර්ථයන් අන්තර්ගතව ඇත. මුරුංගාවල කැල්සියම්, යකඩ වැනි පදාර්ථයන්ද බොහෝය. ගුල්ම රෝග, අර්ශස් රෝගවලට මෙන්ම ආමාශගත තුවාලවලට ද මුරුංගා කොළ ඉතාම ගුණදායකය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

මොනරාගල සිරිගල
ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි
සටහන බී.ඇල්. පේ‍්‍රමරත්න

 

 



subasetha

Comments