මුඛ රෝග නසන අගනා ඔසුව ඇත්සොඬ

ඔක්තෝබර් 25, 2019

අප ජීවත්වන පරිසරය වඩාත් අලංකාර වී ඇත්තේ අප අවට දක්නට ලැබෙන තුරුලතා නිසාය. අප අවට පරිසරයේ ඇති තුරුලතා මෙන්ම විවිධ සත්ත්ව කොටස් ද පරිසරයේ අලංකාරය තව තවත් වැඩි කරවයි.

මෙහිදී මෙම තුරුලතාවලින් අති විශාල ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙනු ලබන අතර එමගින් පරිසරයට ලබා දෙනුයේ විශාල වටිනාකමකි. තවද ඔසු පැළ සහ පරිසරය අතර පවතින්නේද එකිනෙකින් වෙන් කළ නොහැකි සබැඳියාවකි.

එසේම දේශීය වෛද්‍ය ක්‍රමය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සමඟද පරිසරයේ ඇති සබැඳීයාවද ඉතා සමීප ය. එම නිසා ඖෂධීය ශාක සංරක්ෂණය යනු පරිසරය සුරැකීමයි.මෙසේ අප අතර පවතින ඉතා වටිනා ඖෂධීය ශාක හොඳින් හඳුනාගෙන ඒවා සුරක්ෂිත කීරීමට කටයුතු කීරිම වැදගත්වේ.

මෙහිදි අප අවට සියලුම ශාක හොඳින් හඳුනා ගැනිම වැදගත් වේ.මෙම ශාක හොඳින් හඳුනාගෙන ඵ්වායේ ඇති ප්‍රයෝජන පිළිබඳ විශ්ලේෂණය කීරිම අනාගතයට වැදගත් වේ.

මෙසේ අප අවට නිතර දක්නට ලැබෙන ඵහෙත් ඵහි ඇති ඖෂධීය වටිනාකම ගැන එතරම් අවබෝධයක් නොමැති ශාකයක් ලෙස ඇත්සොඬ හැඳින්විය හැකිය.මෙම ශාකය පිළිබඳ එතරම් කතිකාවතක් නොමැති වුවද මෙම ශාකයේ ඇති ඖෂධීය වටිනාකම ගැන සලකා බැලීමේදී රෝගාබාධයන් රාශියක් සදහා ගුණ ගෙන දෙන අගනා ඔසුවක් ලෙස හැදින්විය හැකිය.

මුඛ රෝග,කුෂ්ඨ,ඉදිමුම්,සෙම්රෝග,පණුරෝග,ඇතුළු රෝගාබාධ රාශියකට ගුණ ගෙන දෙන ඖෂධ යෝග රාශියක් සඳහා ඇත්සොඬ යොදා ගනු ලබයි.

‘ඇත්සොඬ’ඉතා ඈත අතීතයේ සිටම විවිධ ඖෂධ යෝගයන් සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යොදාගෙන ඇති බව අෂ්ඨාංග හෘදය සංහිතාව සරස්වතී නිඝණ්ඩුව ද්‍රව්‍ය ගුණ දර්පණය වැනි ආයුර්වේද ග්‍රන්ථ පරිශීලනයෙන් පැහැදිලි වේ.මේ නිසා ‘ඇත්සොඬ’යනු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිශයින් ප්‍රයෝජන ගෙන දෙන ඖෂධීය ශාකයක් වශයෙන් හැඳින්විය හැක.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පොල්ගොල්ල ගොකරැල්ල ශ්‍රාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

 

 



subasetha

Comments