ගැස්ට්‍රයිටීස් හා හෘදයාබාධ හඳුනාගනිමු

ඔක්තෝබර් 18, 2019

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන පරිදි වර්ෂයකට මිලියන 41 ක් පමණ ජනතාව එනම් මුළු මරණ සංඛ්‍යාවෙන් 71% ක් පමණ බෝ නොවන රෝගවලින් මිය යයි.

ඉන් වැඩිම ප්‍රමාණයක් එනම් මිලියන 17.9 ක් පමණ හෘදය සම්බන්ධ රෝගවලින් මරණයට පත්වෙන අතර මින් වැඩි ප්‍රමාණයක් අප රට වැනි මධ්‍යම ආදායම් රටවල ජනතාව වෙයි. මෙම තත්ත්වයට අප රට ද වර්තමානයේ බොහෝ වශයෙන් ගොදුරු වෙමින් පවතී.

බෝ නොවන රෝගවලින් මිය යන වැඩි ප්‍රතිශතය අවු 30-69 අතර වයස් පරාසයක වීම ඉතා කණගාටුදායක තත්වයකි. කෙටි කාලයක් තුළදී මිනිසාගේ ජීවන රටාවේ ආහාර හා විහරණවල සිදුවූ වෙනස්කම් මෙම තත්ත්වයට බොහෝ සෙයින් බලපා ඇත. සියලුම තාක්ෂණයන් දියුණු වීමත් සමඟම එය මිනිසාගේ උන්නතියට නොව විනාශයට වැඩි වශයෙන් යොදා ගැනීම මෙම තත්ත්වයට තවත් හේතුවක් වී ඇත.

අප රටේ හෘදයාබාධවලින් මිය යන වැඩි පිරිසක් රෝගය නිවැරදිව අවබෝධකර නොගැනීම නිසා මෙම තත්ත්වයට ගොදුරු වී ඇත.

නවීන වෛද්‍ය විද්‍යාවේ සඳහන් ගැස්ට්‍රයිටීස් රෝගය ආයුර්වේදයේ සඳහන් අම්ල පිත්ත රෝගයට බොහෝ දුරට සමාන වේ. ආයුර්වේදයේ සඳහන් අම්ලපිත්ත රෝගයට හේතු ලෙස

ගුණ විරෝධී වීර්ය විරෝධි හෙවත් එකිනෙකට විරුද්ධ ආහාරපාන ගැනීම

අපවිත්‍ර ආහාර පිළුණු හෙවත් දූෂිත ආහාරපාන ගැනීම

මෙමගින් කුසගින්න අඩු වීම හෙවත් අග්නිමාන්ද්‍ය රෝගී තත්වය ඇතිවේ.

.විනාකිරි ,අන්නාසි , තක්කාලි, අමු අඹ, ඇඹරැල්ලා වැනි අම්ලගුණ යුක්ත ආහාර ගැනීම

කුළුබඩු වර්ග අධිකව භාවිත කිරීම

පිත් කෝපකර පාන වර්ග ලෙස සැලකෙන මද්‍යපාන වර්ග ගැනීම.

මෙවැනි ආහාරපාන නිතර තම ශරීරයට එක්කිරීම මගින් ආමාශයේ ඇඹුල් වූ යම් පිතක් ඇතිවේද අම්ල පිත්තය ලෙස හඳුන්වා ඇත. ආහාර හේතුවලට අමතරව මේ සඳහා මානසික හේතු ද නිසි වේලාවට ආහාර නොගෙන සිටීමද සඳහන් කළ හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
නදීෂා ගීකියනගේ
සටහන
සුරේඛා සංජීවනී

 



subasetha

Comments