ඔබේ හිසකෙස් අකලට පැසෙනවා ද?

ඔක්තෝබර් 11, 2019

වයසට යනවාත් සමඟම කෙනෙකුගේ ඇඟ රැලි වැටීම, දත් හැළීම, හිසකෙස් පැසීම ගැන කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නේ නැත. එය ස්වභාව ධර්මයට අනුව සිදුවන දෙයක් නිසා කෙනෙකුට සිත් වේදනා ඇති නොවේ. මේ හිසකෙස් පැසීමට මුහුණපා ඇත්තේ තරුණ වයසේ අයෙකු නම් ඔහුට හෝ ඇයට සමාජයට මුහුණ පෑමට පවා නොහැකිව බලවත් සිත් වේදනාවට පත් වේ.

මෙවන් පීඩාවට පත්ව සිටින ඇතැම්හු පැසුණු හිසකෙස් ගලවා දමති. හිස ආවරණය වන සේ තොප්පි පැළඳ ගනිති. නොයෙක් විෂ රසායන සහිත හිසකෙස් කළු කරන ආලේපන වර්ග හිස ගල්වති.

මේවා ගැල්වීම නිසා ඒ හිසකේ හරියාකාරව වැඩීම සිදු නොවේ. එම ආලේපන මඟින් හිසකේ ගස බදාමයකින් මෙන් සම්පූර්ණයෙන් වැසී යාමෙන් එයට වාතය ස්පර්ශ නොවන නිසා හිසකේවල ස්වභාවික වර්ණය පවා නැතිවේ. මෙසේ කිරීමෙන් කල්යාමේදී හිසකේ ගස් දිරායයි. හිසකෙස් වර්ධනය වීම පවා අඩු වේ. හිසකෙස් පමණක් නොව මුළු හිසම පීඩාවට පත්කරයි. දහඩිය පිටවන සියුම් සිදුරු මේ ආලේපනයෙන් වැසී යන අතර නිතර හිසේ වේදනා ඇතිවීමද ඇතිවේ.

අකලට හිසකෙස් පැසීමේ තත්ත්වය බොහෝ දුරට ඇතිවන්නේ ශරීරයේ ඌෂ්ණාධික බව වැඩි අයටයි. එමෙන්ම ශීර්ෂ සම පෝෂණ ගුණයෙන් හීන නම් එය ද අකලට හිසකෙස් පැසීමට බලපායි. රක්තය හොඳින් තිබෙන හොඳ පෝෂණ ගුණයක් ඇති පුද්ගලයාගේ හිසකෙස් කළු වර්ණයෙන් යුක්තයි. එමෙන්ම හිසකෙස් වර්ධනයද හොඳින් සිදුවේ. පීනස් රෝග නිසාද හිසකෙස් පැසීම සිදුවේ.

හිස ගත් විට ගසක මුල් වැනිය. ගසකට අවශ්‍ය නිසි පොහොර වතුර නොලැබුණොත් ඒ ගස හොඳින් වර්ධනය නොවේ. එම ගසට නිසි පෝෂණයක් ලබාදීමෙන් අපට නිරෝගී හොඳ ගසක් ලබාගැනීමට හැකිවනවා මෙන් අපගේ හිසකේවලට නිසි පෝෂණය ලබාදීම මගින් නිරෝගී අලංකාර කෙස් කළඹක් ලබාගැනීමට හැකිවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
ජී.ඩී.බී.පි. මැණිකේ

 

 



subasetha

Comments