කැඩුම් බිඳුම් ප්‍රතිකාරයකදී පිළිපැදිය යුතු කරුණු

ඔක්තෝබර් 4, 2019

කැඩුම් බිඳුම් ප්‍රතිකාරයකදී රෝගියා හෝ රෝගියාගේ බාරකරුවන් විසින් දැනගත යුතු කරුණු හා පිළිපැදිය යුතු කරුණු බොහෝමයක් ඇත. අද සමාජයේ වැඩිම රෝගීන් පිරිසකට ඇතිවෙන දෙයක් තමයි හදිසි අනතුරු,වාහන අනතුරු ,වැටීම්වලින් ඇතිවෙන අනතුරු, බර ඉසිලීමේදී වෙන අනතුරු, අස්ථි දිරවීම නිසා ඇතිවෙන අනතුරු බලාපොරොත්තු නොවන වේලාවකදී වෙන අනතුරු, ජලයෙන් වෙන අනතුරු, ඉරියව් වෙනස්වීම නිසා ඇතිවෙන අනතුරු.

මේ ආදී මෙකී නොකී අනතුරු වලින් පීඩා විඳින රෝගීන් හා රෝගි බාරකරුවන් විසින් දැනගත යුතු විශේෂ කරුණු කීපයක් මෙයින් ඉදිරිපත් කරන අතර එය පොදු මිනිස් සමාජයට ම සෙතක් වෙතැයි සිතමි.

ඉහත සඳහන් රෝගී අවස්ථාවලදී දැනගත යුතු රෝගී ලක්ෂණ කීපයක් පැහැදිලි කරන බැවින් ප්‍රතිකාරයක් ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යාමට පෙර රෝගියා හා රෝගියාගේ බාරකරුවන් විසින් දැනගෙන යා යුතුයි. එනම් සිදුවු අනතුර අනුව පළමුව රෝගියාට නිසි ලෙස සිහිය තිබෙනවාද බැලීම ඉන්පසුව අස්ථි බිඳීමක් ද , අස්ථි කැඩීමක් ද, පේශීන් තැලීමක් ද, අස්ථි පැනීමක්,අස්ථිවල හැඩය වෙනස්වීමක් ද, අධික ලෙස ලේ ගැලීමක් වෙනවද? අස්ථි කැඩී මාංශ පේශීන්, ඉරී බිඳුණු අස්ථි කොටස් එළියට පැමිණීමක්ද අස්ථි කෙටීමක් (උළුක් වීමක්) , තැල්මක් පමණක්ද? අස්ථි පිපිරීමක් පමණක් ද? ටිෂූ ඇදිලද? ආදී කරුණු වලින් රෝගියාට බලපාන කරුණු පිළිබඳව පළමුව දැනුවත් වෙන්න. මෙම කරුණු දැන ගැනීමෙන් රෝගියාට නිවැරදි ප්‍රතිකාරයක් කිරීමට පහසු වෙනවා වගේම ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් වැරදි ප්‍රතිකාරයක් උනොත් වෙන අතුරු ආපදාවන් වළක්වා ගැනීමට හැකිවීමයි.

මෙම කරුණු පිළිබඳව දැනුවත් වීමත් සමඟ ප්‍රතිකාර ගැනීමට රෝගියා රැගෙන යන වෛද්‍යවරයා පිළිබඳව තීරණය කරන්න. පළමුව රෝගියාගේ අස්ථි බිඳීමත් සමඟ කටු කැබලි එළියටම ඇවිත්නම් අධික ලේ වහනයක් වෙනව නම් රෝගියා ඉක්මණින් රෝහලක් වෙත ගෙන යන්න. ඒ අතර ඉක්මනින් සොයාගැනීමට හැකිනම් වෙනිවැල් ගැට ටිකක් තම්බා බීමට දෙන්න. මෙයින් පිටගැස්ම ඇතිවීමට අවදානමක් ඇත්නම් එය පාලනය කරගැනීමට හැකිවීමයි. තුවාලයක් ලේ ගැලීමක් වේ නම් පළමුව ඒ සඳහා ප්‍රතිකාර සඳහා මුල්තැන දීමයි. තුවාලය සුවකර ගැනීමෙන් පසුව දේශීය වෙදකමට අවස්ථාව ඇත. (පෙර දේශීය වෙදකමේ ලේ නවත්වන්න මසා බද්ද කරන ප්‍රතිකාර තිබු නමුත් දැන් මෙම වෛද්‍ය ක්‍රම නැත. ඖෂධ හිඟ නිසා එම ප්‍රතිකාර ගිලිහී ගිහින් ඇත) ලේ වහනයක් හෝ අස්ථී බිඳී කොටස් එලියට පැමිණ නැත්නම් දේශීය ප්‍රතිකාර කරන්න. රෝගියා ගෙන යන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

දේශීය පාරම්පරික වෛද්‍ය
දේශබන්ධු
ඩී.පී.ඒ.පාලින්ද

 

 



subasetha

Comments