ශක්තිජනක පොල් පැළ මද

නොවැම්බර් 1, 2019

මෙතෙක් කල් අප අවධානය නොකරන ලද ශක්තියෙන් හා ගුණයෙන් වැඩි පොල් පැළ මද රසයක්ද එක්කරයි. පැළ පොල් මදය හෙවත් පැළ පී නමින් හඳුන්වයි. රෝග කීපයකට ඔසු ගුණයක් මෙන්ම ආහාරයක් වශයෙන් ද සඳහන් කළ හැක. නමුත් සමාජය තුළ පැළ මදවලට ඇත්තේ වැරදි මතයකි. පාරම්පරික වෙදකමේ පැළ මදයට ඉහළ තැනක් හිමිවූ අතර ආහාරයක් වශයෙන් ද ප්‍රයෝජනයට ගෙන ඇත.

විශේෂයෙන් පිළිකා මර්දනය කිරීමට ඉහළ ගුණයක් පැළ මදවල ඇත. හදවත් රෝගයට ද ගුණයක් මේ තුළ ඇති බවත් අස්ථි වර්ධනයට පැළ මද තුළින් විටමින් ලබාදෙයි. ශරීරයේ රුධිර ගමනාගමනයට ඉහළ ශක්තියක් ඇති කරයි. රුධිරය හිරවීම රුධිරය අධික ඝනවීම වැනි රෝග වලට ඔසු ගුණයක් ලබාදෙමින් අතුරු ආබාධයන් මගහැරීමට පැළ මදවලට හැකියාවක් ඇත.

ඇදුම සහ හතිය අයට කුඩාම පැළ මද ගුණයක් ඇති කරයි. හතියට හා ඇදුමට ප්‍රතිශක්තියක් පැළ මද තුළ ඇත. ඩ්‍රැගන් ෆෘට්වලට වඩා ගුණයක් පැළ මද තුළ ඇති අතර ශරීරයේ ජලය රැකගැනීමටත් සමට නිසි ලෙස ජලය ලබාදීමටත් සමත්වේ. මේ අනුව මෙතෙක් අප නොසලකා හරින පැළ මද ඉහළ පෝෂණ ගුණයක් ඇත. මෙහි ඇති විශේෂත්වය පැළ මද තෙල් දැමීමක් කර රසවත් ආහාරයක් වශයෙන් හඳුන්වාදීමට පුළුවන.

පිළිකා රෝගීන්ට මුල් අවධියේදීම පැළ මදවල කුඩා ඒවා කෑමට දීමෙන් පිළිකාව පැතිරීම පාලනය කරගත හැක. පොල් මදය තුළින් මෙවන් දෙයක් අප තුළ ඇති අතර නමුත් අප මේ පිළිබඳව අවධානය යොමුකර නැත.

දේශීය ඖෂධයක් වශයෙන් පැළ මද හඳුන්වාදීමට හැකි අතර පාරම්පරික වෙදකමේදී කසාය සමඟ පැළ මද භාවිතා කර ඇත. එයින් පිළිකා රෝගය විනාශ කළ පුරාණයේ සිට මෑත කාලය දක්වා වෙදකමේ යෙදී සිටින අය දනී.

මීට අමතරව හදවත් රෝගී අයට පැළ මද තරමක ප්‍රමාණයේ පැල මදය ඉතාම හොඳයි. රුධිර ගමන් කිරීම වේගවත් කරයි. රුධිර කැටි දියකර වේදනාව තුනී කිරීමට හා හදවත ක්‍රියා කරවීමට විශේෂ හැකියාවක් පොල්මදය තුළ ඇත. දියවැඩියා ඇති අයටද ඉතාම ගුණදායී ඖෂධයක් ලෙස හඳුන්වාදීමට පුළුවන.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

දේශීය පාරම්පරික වෛද්‍ය
දේශබන්දු
ඩී.පී.ඒ. පාලින්ද

 



subasetha

Comments