බොහෝ ගුණ ඇති පොල්කිරි

ඔක්තෝබර් 25, 2019

පොල්කිරි මුළුතැන්ගෙට නැතුවම බැරි ඉස්තරම්ම ස්වාභාවික රසකාරක වලින් එකකි. අසාමාන්‍ය රසකාරකයක් සේම පොල්කිරි සතු පෝෂණීය හා ඖෂධමය ගුණාත්මක බවද ඉතා ඉහළය. විටමින් හා ඛනිජ ලවණ වලින් ද කැල්සියම්, පොටෑසියම් , මැග්නීසියම් , යකඩ, සින්ක් යන ශරීරයට අතිශයින්ම අවශ්‍ය වන පෝෂකවලින් පොල්කිරි බෙහෙවින්ම සරු ය. ඊට අමතරව විටමින් සී.ඊ. හා විටමින් කේ ද පොල්කිරි වල අඩංගුය.

පොල්කිරි කෝප්පයක අඩංගු ප්‍රධාන පෝෂක සංඝටක

පොල්කිරි කෝප්පයක අඩංගු කිරි ප්‍රමාණය සාමාන්‍යයෙන් ග්‍රෑම් 240 ක් පමණ වේ. මේ එහි අඩංගු ප්‍රධාන පෝෂක සංඝටක ලෙස

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13 ,ප්‍රෝටීන් ග්‍රෑම් 05 , තන්තු ග්‍රෑම් 05, මේදය ග්‍රෑම් 57

ශක්තිය කැලරි 500 පමණ මෙම පෝෂණ සංඝටක මඟින් නිපද වේ. මේ අනුව මේදයත් ශක්තියත් පොල්කිරිවල යහමින් ඇති බව සනාථ වේ.

පොල්කිරි කෝප්පයක අඩංගු අවශේෂ පෝෂණ ගුණ

විටමින් සී මිලිග්‍රෑම් 6.7 , විටමින් කේ. මිලිග්‍රෑම් 0.2,ෆෝලේට් මයික්‍රො ග්‍රෑම් 38.4, තයමින් මිලිග්‍රෑම් 0.1, විටමින් ඊ මිලිග්‍රෑම් 0.4,නියැසින් මිලිග්‍රෑම් 1.8,විටමින් බී 6 මිලිග්‍රෑම් 0.1කැල්සියම් මිලිග්‍රෑම් 38.4, යකඩ මිලිග්‍රෑම් 3.8,මැග්නිසියම් මිලිග්‍රෑම් 88.8,පොටෑසියම් මිලිග්‍රෑම් 6.31 ,සෙලේනියම් මිලිග්‍රෑම් 14.9,සින්ක් මිලිග්‍රෑම් 1.6,කොපර් මිලිග්‍රෑම් 0.6,පොස්පරස් මිලිග්‍රෑම් 240,මැග්නීසියම් මිලිග්‍රෑම් 2.2

පොල්කිරි සතු පෝෂණීය වටිනාකම් - පොල් කිරිවල කෙටි හා මධ්‍යදාම සංතෘප්ත මේදය මදක් වැඩියෙන් පවතී. මෙමඟින් මිනිස් ශරීරයට අවශ්‍ය ශක්තිය යහමින් ලැබේ. එලෙසම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය බොහෝ පෝෂණ විවිධතා රැසක් පොල්කිරිවල අඩංගු වේ. මේ එවැනි පෝෂණ ආරක්ෂක කීපයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

රඹුක්කන කීර්ති එස්.කුමාර

උපදෙස් වල්ගම රජයේ ආයුර්වේද
රෝහලේ වෛද්‍යාචාරිණී
ධම්මිකා අමරසේකර

 



subasetha

Comments