ආර්තවය හා ආර්තවහරණය

ඔක්තෝබර් 18, 2019

අපි මුලින්ම බලමු, ආර්තවය කියන්නේ මොකක්ද? යන්න පිළිබඳව සාමාන්‍යයෙන් වයස අවු 12 -16 අතර කාලයේදී ගැහැණු දරුවන්ට ආර්තවය හෙවත් ඔසප්වීම ආරම්භ වේ. මෙයටම මාස් ශුද්ධිවීම, අසනීප වීම, ඍතුවීම ආදි නාමයන් කිහිපයකි.

ප්‍රථම ආර්තව දර්ශනය මල්වර වීම, වැඩිවියට පත්වීම , දැනමුතු වීම ආදි ලෙස ලාංකීය සමාජය තුළ සම්මතව පවතී. මෙම අවස්ථාව සුබ නැකත් බලා ඇතැම්විට ප්‍රියසාද පවත්වා සැමරිය හැකි අවස්ථාවක් ලෙස ඇතැමෙක් හඳුනා ගෙන තිබේ. නමුත් පළමු ආර්තව දර්ශනය ගැහැණු දරුවෙකු තුළ සිදුවන අතිශයින් ස්වභාවික ශරීර ක්‍රියාදාමයකි. උගත්, බුද්ධිමත් මාපියන් එමගින් දැනගත යුත්තේ තම දියණියගේ ගර්භාෂය මේ වන විට ගැබක් දැරීමට තරම් වැඩී සූදානම්ව ඇති බවයි.

මෙම අවස්ථාවේදී සැබවින්ම කළ යුත්තේ පි‍්‍රයසාද පැවැත්වීමට වඩා එම දියණියට එතනින් ඉදිරි දිවි ගමනට සූදානම් අයුරුත් එම දියණියගේ ශරීරයේ තව දුරටත් ශීඝ්‍රයෙන් විය හැකි වෙනස්කම් පිළිබඳත් පිරිසුදුව තම ශරීර අවයව පවත්වා ගැනීමේ වැදගත්කම ගැනත් බාහිර සමාජයෙන් ඇතිවිය හැකි ගැටලු පිළිබඳවත් තේරුම්ගත හැකි ආකාරයට සුහදව ක්‍රමානුකූලව කරුණු කාරණා වටහාදීමයි.

එම ආර්තව දර්ශනයෙන් පසු වයස අවු 45-50 දක්වා වූ කාලය පුරාවටම මසකට වරක් මෙම ආර්තවය දැකගත හැකිවෙයි. (ගර්භණී හෝ කිරිදෙන මව්වරු හෝ වෙනත් සුවිශේෂී රෝග අවස්ථා හැර) මෙහිදී මාසයක් ලෙස නම්කරනුයේ චන්ද්‍ර මාස ක්‍රමයටයි. චන්ද්‍ර මාසයට දින 28 කි. එක් මසකට දින 3-7 අතර ප්‍රමාණයක් මිඩංගු කොටගනිමින් ලෙය වැනි ද්‍රවයක් ස්‍රාවය වෙයි. එය ආර්තවය හෙවත් රජස නම් වෙයි.

මෙසේ සිදුවන ආර්තවය ප්‍රශස්ත ආර්තවයයි .නමුත් මෙම ආර්තව අතර කාලපරාසය හෝ ආර්තවය සිදුවන දින ගණන දින 2-3 කින් වෙනස්විය හැකිය. එය රෝගී තත්ත්වයක් නොවෙයි. නමුත් එය දින කිහිපයකින් වෙනස්වීම, මාසයක් ඇතුළත කිහිපවරක් ආර්තවය දර්ශනය වීම, අතිශය වේදනාකාරී ක්‍රියාදාමයක් වීම හෝ පහත සඳහන් ප්‍රශස්ත ආර්තව ලක්ෂණ නොමැතිවීම රෝගී තත්වයක් පෙන්වන ලක්ෂණයක් බව වටහා ගත යුතුයි.

ආයුර්වේදයට අනුව ශුද්ධ හෙවත් ප්‍රශස්ත ආර්තව ලක්ෂණ ලෙස දක්වනුයේ මසකට වරක් සිදුවන සෙවලගති, දැවිල්ල, යනාදී කිසිදු පීඩාවක් රහිතව ඉතා වැඩිත් නැති අඩුත් නැති මධ්‍යම ප්‍රමාණයෙන් වැගිරෙන්නාවූ ඔසප් ලෙයයි. එය හාවන්ගේ ලෙයට සමාන වර්ණයක් ගන්නා අතර රෙද්දකට උරාගන්නේ නම් එම රෙද්ද දියෙහි එබූ විට රෙද්දෙහි කිසිදු කහට පැල්ලමක් නොසිට හොඳින් දියවී ඉවත්ව යයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සැකසුම –
ධම්මිකා රාජපක්ෂ

වෛද්‍ය එන්.එම්.උයේෂා මධුභාෂිණී
දමින්නගහවත්ත, නවනගරය, මාදම්පේ

 

 

 



subasetha

Comments