බොහෝ රෝග සඳහා දෙනු ලබන අරිෂ්ට හා ආසව

ඔක්තෝබර් 18, 2019

ආයුර්වේද ප්‍රතිකර්මවලදී රෝගීන්ට දෙනු ලබන අරිෂ්ට හා ආසව ඒ ඒ රෝගවලට අනුව සකස්කරනු ලබන්නේ ඖෂධීය ගස්වල මුල්, පොතු කොළ, ගෙඩි, මල්, මල්රේණු බඩ, එළකිරි , කස්තුරි, මී පැණි, උක් හකුරු, සහිඳලුණු, වෙඩිලුණු,පල්මාණික්කම්, සක්කරා. රත්ත්‍රං ඇතුළු මුද්දරප්පලම්, කුරුඳුපොතු. සාදික්කා, වසාවාසී , කපුකිනිස්ස ඇට. කරාබු ඇට. එනසාල් ආදි තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ එක්කර ගනිමිනි.

විශේෂයෙන් සමහර අරිෂ්ට සඳහා නාමල් රේණු නෙළුම් රේණු ද යොදාගෙන සමහර ඖෂධ තලා කුඩුකර ගනිමින්ද අරිෂ්ටවලට යොදා ගනිති. මූලිකව අවශ්‍ය ප්‍රමාණය අනුව වතුර කොටස් අටක් දමා එකට හෝ දෙකට එම ඖෂධ සහිත ජලය සිඳුවා පෙරා ඊට සක්කරා, කිතුල්හකුරු හෝ සීනි දමා , මීපැණි මුද්දරප්පලම් හා අනෙකුත් ඖෂධ වර්ගද එක්කර ලොකු බැරලයකට හෝ මැටි බඳුනකට දමා වතුර හෝ වෙනත් යමක් නොයනසේ එහි කට හොඳින් වසා බැඳ පොළොව යට වළලා හෝ සම උෂ්ණත්වය ඇති ස්ථානයක මාසයක් පමණ කාලයක් තිබෙන්නට හැර ඉන්ගෙන එය පෙරා එහි මණ්ඩි පහතට බැසීම සඳහා සතියක පමණ කාලයක් තබනු ඇත.

එසේ තැබූ අරිෂ්ටය නැවත ගෙන මැටි බඳුනක හෝ ලී බැරලයක දමා නැවතත් මාසයක් පමණ තිබෙන්නට හැර ගන්නා මෙම අරිෂ්ට නියමිත ගුණාත්මක බවෙන් හා සුවඳින් ද යුක්ත වේ. එසේ සකස් කරගනු ලබන අරිෂ්ට අතර දසමූලාරිෂ්ටය, අශ්වගන්ධාරිෂ්ටය ,අශෝකාරිෂ්ටය අභයාරිෂ්ටය, අමෘතාරිෂ්ටය , අරාක්ෂාරිෂ්ටය ,සාරස්වතාරිෂ්ටය , බලාරිෂ්ටය කනකාරිෂ්ටය , නිබ්බාරිෂ්ටය, බම්බුලාරිෂ්ටය ,රෝහිතකාරිෂ්ටය, තක්ක්‍රාරිෂ්ටය ,විඛංගාරිෂ්ටය බෙහෙවින් විශේෂ වේ. මීට අමතරව තවත් අරිෂ්ට රැසක්ම ඇත. දසමූලාරිෂ්ටයට දසමුල් ඇතුළුව තවත් ඖෂධ රැසක් පමණ යොදාගනිති. ගනු ලබන ඖෂධ අතර බෙලිමුල් මිදිමුල්, තොටිලමුල් ,පළොල් මුල්, ඇද්දෙමට මුල්, රත්කිහිරිය, දේවදාර, දවුල්මද ,සාරන මුල්, මුද්දරප්පලම්, මීපැණී, කපුකිනිස්ස ඇට, වළඟසාල් ද වේ. අශ්වගන්ධාරිෂ්ටය ,අශ්වගන්ධාරිෂ්ටයට අමුක්කරා අල ප්‍රධාන කොට බින්තල් අල අරත්ත අල, කලාදුරු අල, කිරිබදු අල, වියලි කහ, කුඹුක්පොතු, සුදුහඳුන්, රත්හදුන්, රත්නෙටොල්, වදකහ ඇතුළු ඖෂධ කීපයක්ම යොදාගනී.

අශෝකාරිෂ්ටය, අසෝකපොතු වියළි ඉඟුරු, මානෙල් අල, අඹ ඇට මද, සූදුරු, සුදුහදුන්, තිපල් ඇතුළු ඖෂධ එක්කරති. අභයාරිෂ්ටය, අරළු, මුද්දරප්පලම්, වලගසාල්, කොත්තමල්ලි, වියළි ඉඟුරු සමඟ ඖෂධ රැසක්ම ගනිති.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

සටහන
බී.ඇල්. පේ‍්‍රමරත්න
මොනරාගල සිරිගල
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

 



subasetha

Comments