සම පැහැපත් කරන නුවණ වඩන ඇස්වලට හිතකර ගොටුකොළ

නොවැම්බර් 1, 2019

සමේ රෝග සුවකරන සම පැහැපත් කරන ධාරන ශක්තිය ඇතිකරන ඇස්වලට හිතකර දැවිලි ගති නැතිකරන ආයුෂ වර්ධනය කරන කුෂ්ඨනසන හිසරදය කැරකැවිල්ල, දුරුකරන ගොටුකොළ මණ්ඩුකපර්ණී කුලයට අයත් ඖෂධයකි.ගොටුකොළවල පෝෂණ ගුණය ශක්තිය, කැලරි තිස්හතකි. තෙතමනය ග්‍රෑම් 90.5, ප්‍රෝටීන් ග්‍රෑම් 2.1, මේදය ග්‍රෑම් 0.5 ,කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 0.6 කැල්සියම් මිලිග්‍රෑම් 224, පොස්පරස් මිලිග්‍රෑම් 32, යකඩ මිලිග්‍රෑම් 68.8 ද වේ. සරස්වතී බ්‍රහ්මී මාණ්ඩුකී සඵල බ්‍රාහ්මී ක්වාෂ්ට බ්‍රහ්ම මාණ්ඩුකී හේකී යන නම් රැසකින් හඳුන්වන ගොටුකොළ ,හීං ගොටුකොළ හා මහ ගොටුකොළ වශයෙන් ද විශේෂිත වූ නම් දෙකකින් හඳුන්වති.

බුද්ධි වර්ධනයට හා මතකය වැඩිදියුණු කිරීමට විශේෂවන හෙයින් ගොටුකොළ පාසල් දරුවන්ටද ඉතා ඖෂධයකි. ගොටුකොළ කැඳ හා ගොටුකොළ සම්බෝලය වඩාත්ම යෝග්‍ය වේ. පෙනීමේ දුර්වලතා ඇති අයට මාන්දම් රෝගයට රුධිර පීඩනයට අඩුකිරීමටද ගොටුකොළ මහඟු ඖෂධයකි. උදෑසන ගොටුකොළ කැඳ පානය කිරීමෙන් සිරුරට අමුතුම ප්‍රබෝධමත් බවක් ඇතිවේ.

ඒ සඳහා ගොටුකොළ සෝදා පිරිසුදු කර කොටා යුෂ ගෙන සහල් ටිකක් සැලියකට දමා වතුර ලා ලිපතබා ගිනිලා සහල් හොඳින් තැම්බුන විට ගොටුකොළ යුෂ දමා පොල්කිරි ද ලා අමුඉඟුරු කෑල්ලක් තලන ලද සුදුලූනු ,කරපිංචා සහ රතුලූනුද එක්කොට හොඳින් නටවාගත් කැඳ ගුණාත්මක ඖෂධයකි. සෙන්ටෙලා ඒ සියාටිකා (ඛ්ඥදබඥතතච ඒඵඪචබඪජච) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොටුකොළ ශාකය කා අතරත් ජනපි‍්‍රය රසවත් ආහාරයකි.

සංස්කෘතයෙන් භේකපර්ණී මණ්ඩුක පර්ණී බ්‍රාහ්මී යනුවෙන්ද දෙමළ බසින් වෙල්ලාරු යනුවෙන්ද හඳුන්වා ඇති ගොටුකොළ ප්‍රභේද දෙකකින් සමන්විතය .ඛ්ඥදබඥදඥතතචඨචමචදඪජච මහ ගොටු කොළද ඛ්ඥදබඥතතච ඒඵඪඵබඪජච හීං ගොටුකොළ වශයෙනි. ගොටුකොළ දියසීරාව ඇති තැන්වල සාර්ථකව බහුලව වැවෙන නිසා මණ්ඩුක පර්ණී යන පර්යාය නම් යොදා ඇත.

ගොටුකොළ දඬු ගොටුකොළවල සියයට හැත්තෑ අටක්ම ජලය හා අස්ථිර තෙල්ද අඩංගුව පවතී. ඊට අමතරව ගොටුකොළවල තිත්ත ගතිය බඩගින්න නැති කරන අතර මුත්‍රා පිටකිරීම පහසු කරයි. ආයු වර්ධනය කරන බලයක් ඇති ගොටුකොළ කාමශක්තිය වැඩි කිරීමටද හේතුවේ. එමෙන්ම ගොටුකොළ කෑමට පුරුදු වූවන් අකලට මහලු වීමද පමා කරති. ශරීරය වර්ධනය වීමට ලේ අතීසාරයට කටහඬ මිහිරි බවට අර්ශස් රෝගීන්ට ගොටුකොළ කැඳබීම ගොටුකොළ සම්බෝලය හා ගොටු කොළ මැල්ලුම ඉතාම හොඳ බෙහෙතකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර
සටහන – එස්.එස්.එස්. ප්‍රනාන්දු

 



subasetha

Comments