රෝග රැසකට සුව දෙන කොච්චි මිරිස්

ඔක්තෝබර් 18, 2019

කොච්චි මිරිස් වර්ග රැසක් ඇති අතර එයින් ඉතා ඉහළ ගුණයක් ලබාගැනීමට හැකි බව පාරම්පරික දේශීය වෙදකම තුළින් පෙන්නා දිය හැකිය.

කොච්චි මිරිස් සැර මිරිස් වර්ගයක් ලෙස සමාජය තුළ පිළිගැනීමක් ඇති අතර නමුත් එය ඖෂධයක් වශයෙන් අවශ්‍ය ප්‍රමාණයට ගතහොත් නිසි ප්‍රයෝජනයක් ලබාගැනීමට පුළුවන. කෙසේ වෙතත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳින අය පමණක් කොච්චි මිරිස් ආහාරයට ගැනීමෙන් වලකින්න. බඩේ දැවිල්ල වැඩිවීමට ඉඩකඩ වැඩි නිසා අනිකුත් අයට කොච්චි මිරිස් වලින් ප්‍රයෝජනයක් ගත හැක.

මෙහිදී වැඩි ගුණයක් ලබාගත හැකි කොච්චි මිරිස් වශයෙන් සුදු කොච්චි (ඇත්දළ) කැවුම් කොච්චි, ගිනි කොච්චි, බෝල කොච්චි, දම්පාට කොච්චි, නයි කොච්චි , හීන් කොච්චි , කැලෑ කොච්චි . මීට අමතරව තවත් කොච්චි වර්ග ඇත. මෙම කොච්චි වලින් කරන දේවල් කිහිපයක් උදාහරණ ලෙස සඳහන් කරන අතර සමහර කොච්චි වර්ග කිතුල් මැදීමට ගන්නා බේත් වලට ද ගනු ලබයි. මීට අමතරව සත්ව රෝගවලට ප්‍රතිකාර කිරීම්වලට ද ගන්නා අතර තාමත් ගම්බද ප්‍රදේශවල හරක්ට රෝග සෑදුන විට කොච්චි අඩංගු ප්‍රතිකාර කරයි.

සුදු කොච්චි

සුදු කොච්චි, ඇත් දළ කොච්චි මේ නම් වලින් හඳුන්වන්නේ එකම කොච්චියි. කොස් මැල්ලුමට දෙල් මැල්ලුමට, අට්ටික්කා මැල්ලුමට ඉතාම හොඳයි. රසවත් භාවය වැඩි කරයි. ආහාර දිරවීම පහසු කරයි. අධික සැර ගතියෙන් අඩුයි. ස්නායු වර්ධනය කර ඇඟට ශක්තිය ඇති කරයි. හොදි වලට දැමීමට ද හොඳයි. රසයක් එක්කරයි. සතියකට දින තුනක් විතර කෑමවලට යොදන්න. නිතර ගැනීමෙන් වළකින්න.

කැවුම් කොච්චි

මෙම කොච්චි තරමක් විශාලය. කොච්චි කැවුමක් වගේ හැඩය හටගනී. තරමක් සැර ගතියෙන් වැඩියි. ලේ පිරිසුදු කිරීමට සමත් වේ. ශරීරයේ දිලීර රෝග සුව කරයි. දද, කුෂ්ට , වණ රෝග නිවාරණය කරයි. කරවල හොද්දට විශේෂයි. තෙල් දාන ඒවාටද හොඳයි. තරමක් සැර ගතියක් ඇත. මිරිස් බදින ආකාරයට බැද ගත්තොත් සැර ගතිය අඩුවේ. නිතර වතුර තිබහා ඇතිවේ. ඉඳුන කරල් ලුණු මිරිසට හා පොල් සම්බලයට ඉතා රසවත් බවක් එක්කරයි. කොච්චි මිරිස් වලින් සාදන ලුණු මිිරිසට හෝ සම්බලයට දෙහි වැඩිපුර එක්කරන්න. එවිට දැවිල්ල තරමක් මර්දනය කළ හැකිය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

දේශීය පාරම්පරික වෛද්‍ය
දේශබන්දු ඩී.පී.ඒ.පාලින්ද

 

 



subasetha

Comments