වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සැප්තැම්බර් 13, 2019

අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් වැඩි ප්‍රමාණයක් කුමන හෝ රෝගයකට යෙදිය හැකි ඖෂධීය ගුණ යුතු ශාකයෝ වෙති. එසේ වුවද වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනා තුළ මෙම ශාක වල ඇති ගුණ පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැති බැවින් ඒවායින් නිසි ප්‍රයෝජන ලබා නොගනි.

මෙවන් වූ ශාක අතර ඉතා ප්‍රයෝජන ගෙන දෙන වටිනා ශාකයක් ලෙස කටුපිල ශාකය හැඳීන්විය හැකිය.

දරුණු පිළිකා ගෙඩි, වණ ආදියට ඉතාමත් යෝග්‍ය ඖෂධීය ශාකයක් වශයෙන් කටුපිල හඳුනාගෙන ඇත. තවද, මිනිසාගේ ශරීරයේ සියලු දෝෂයන් සමනයට කටුපිල ශාකය ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස හඳුනා ගෙන ඇත.

වර්තමානයේ ලෝකයේ වඩාත් බලවත් හිංසනයක් ලෙස දකින බෝනොවන රෝග අතුරින් එකක් වන පිළිකා රෝගය සමනයට කටුපිල ඉතා ගුණදායක බව විද්‍යාත්මකවද තහවුරු කර ගෙන ඇත. අතීතයේ සිටම හෙළ වෙදවරුන් පිළිකා රෝගයට එරෙහිව භාවිතා කළ ප්‍රබල ඔසුවක් වනුයේ කටුපිල ශාකයයි.

කටුපිල වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන්

දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල දැකිය හැකි ය.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වියළි කලාපයේ කටුපඳුරු සහ පහත් බිම්වල, වැලි සහිත වෙරළ වල් වල වගුරු බිම්වල, මුහුදු මට්ටමේ සිට මීටර් 150 ක් දක්වා උස බිම්වල වැවේ. විශේෂයෙන් යාපනය, මන්නාරම, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, අම්පාර, මොණරාගල, හම්බන්තොට ආදී ප්‍රදේශවල බොහෝ සෙයින් දැකිය හැකිය.

කටුපිල වල ස්වරූපය

වියළි දේශගුණයක් සහිත ප්‍රදේශ වල කටුසර පඳුරු වශයෙන් වැවෙන අතර කටුපිල මීටර් 4 ක් දක්වා උසට වැවෙන කටු සහිත කුඩා දේශීය ශාකයකි. මෙම ශාකයේ පොත්ත අළු හෝ සුදු පැහැති වන අතර පත්‍ර තද කොළපැහැයෙන් යුතුය. ඒකාන්තරව පිහිටන පත්‍ර කුඩා ඕවලාකාර හැඩයක් ගනියි. මෙහි හටගනු ලබන මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගසේ කක්ෂ වල මල් කලඹ සේ හටගනියි. මිලි මීටර් 3ක් පමණ විෂ්කම්භයකින් යුතු කුඩා ගෙඩි කොළ පැහැවන අතර ඉඳුණු විට සුදු පැහැ ගනියි. මෙම ශාකයේ තියුණු කටු නොමැති අතර කටු ලෙස ඇති කොටසද පත්‍ර වලින් යුක්තය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ගොකරැල්ල, පොල්ගොල්ල, ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

 



subasetha

Comments