වැස්සත් එක්ක හිස ඔසවන ඩෙංගු තත්ත්වය මර්දනය කරමු

සැප්තැම්බර් 13, 2019

වර්ෂාවත් සමඟ වේගවත් පැතිරීමක් සහිත රෝග අතරින් වැඩිම වර්ධනයක් පෙන්වන්නේ ඩෙංගු රෝගයයි. ඩෙංගු මාරාන්තික රෝගයක් ලෙස මේ වන විටත් රටවල් 105 ක් පුරා සුලබව පැතිරී ඇත. දකුණු ආසියාතික රටවල් අතරින් බහුලවම ඩෙංගු රෝගීන් වාර්තා වීම විශේෂ තත්ත්වයකි. අපේ රටේ ද මේ තත්ත්වය බරපතල ලෙස බලපායි.

ශ්‍රී ලංකාවේ ඩෙංගු තත්ත්වය

2018 වසරේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් ප්‍රමාණය 55000 ක් පමණ වේ. 2017 වසරේදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 64000 ක් පමණ විය. 2018 මුල් මාස පහ ඇතුළත පමණක් ඩෙංගු රෝගීන් 19857 දෙනෙකු වාර්තා විය. (පෞද්ගලික රෝහල්වලින් සුවය ලැබූ රෝගීන් මේ දත්තවලට ඇතුළත් නොවේ.) මෙම රෝගීන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ පවතින්නේ ‘ඩෙංගු අධි වසංගත තත්ත්වයක්’ බව ඉතාම පැහැදිලිය. ශ්‍රී ලංකාවේ මදුරු වර්ග 140 ක් පමණ සිටින අතර ‘ඊඩිස් ඊජිප්ටයි’ සහ ඊඩීස් ඇල්බොජික්ටස්’ යන මදුරු විශේෂ දෙක රෝග කාරක වෛරසය සංසරණය සඳහා දායකවේ.

මදුරු දෂ්ට කිරීම්වලින් වළකින්න නම්,

නිදි යහන මදුරු දැලකින් ආවරණය කරන්න.

පැඟිරි තෙල් ආදී මදුරු විකර්ශක භාවිතා කරන්න.

අත් පා හොඳින් ආවරණය වන ඇඳුම් භාවිතා කරන්න.

ඩෙංගු උණ වැළඳී ඇතැයි දැනගන්නේ කොහොමද?

ඩෙංගු උණ රෝගය ඩෙංගු රක්තපාත උණ දක්වා අවදානම් අවස්ථාවට ද පත්විය හැකි ය. මෙම අවදානම් අවස්ථාව මුල් අවදියේ දී සාමාන්‍ය උණ රෝගයෙන් වෙන්කර හඳුනාගැනීම තරමක් අපහසුය. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුවවන අතර අවදානම ඉහළ යන්නේ කලාතුරකිනි. ඩෙංගු උණ තත්ත්වයකදී මෙවැනි ශාරීරික අපහසුතා සුලබව ඇති වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස්
වල්ගම ආයුර්වේද රෝහලේ, වෛද්‍යාචාරිනි,
ධම්මිකා අමරසේකර

සටහන
රඹුක්කන කීර්ති එස්. කුමාර

 



subasetha

Comments