කුඩා දරුවනට වැළඳෙන මුත්‍රාබාධ

සැප්තැම්බර් 13, 2019

ළදරුවන්ට ඇතිවන මුත්‍රාරෝග රාශියකි. එසේම මෙහි ප්‍රතිඵලය පසුකාලීනව ඉතාමත් භයානක ප්‍රතිඵල ගෙන දෙන වකුගඩු රෝග තත්ත්වයට ද පත්විය හැකි බැවින්, ඉතාමත් කල්පනාකාරීව විධිමත් ලෙස පරීක්ෂණ වාර්තා මඟින් නිසැකවම ඇතොත් ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් වේ.

කුඩා දරුවන් අතර දක්නට ලැබෙන මුත්‍රාවාහිනී පද්ධතිය ආශි‍්‍රත රෝග කොටස් කිහිපයකට බෙදා දැක්වේ.

1.මුත්‍රා ආසාධනය වීම

2.මුත්‍රාවාහිනී පද්ධතිය ආශි‍්‍රත ගෙඩි සහ පිළිකා

3.මුත්‍රාවාහිනී පද්ධතියේ උපතින්ම ඇතිවන අසමාන්‍යතා

4.ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැරදි පැවතීම් හේතුවෙන් වකුගඩුවලට පහරදී එසේ ඇතිවන රෝග

5.වකුගඩුවල දිරාපත්වීම

6.මුත්‍රා පිටවීම පාලනය කිරීමේ අපහසුතාවය

මෙම ආකාරයේ රෝග සියල්ලම කුඩා දරුවන්ගේ මුත්‍රා රෝග අතර දක්නට ලැබේ.

අපේ මුත්‍රාවාහිනී පද්ධතිය මඟින් ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙන්ම ජල ප්‍රමාණය පාලනය කරනවා. ශරීරයේ තිබෙන වැඩිපුර ජලය පිටකිරීම සිදුකරනවා. මෙසේ ජල ප්‍රමාණය පිටකිරීම සඳහා හෝර්මෝන ලෙසින් විශේෂ රසායන උපයෝගී කරගන්නවා. මීට අමතරව වකුගඩුවක තිබෙන වෘක්කානු ශරීරයේ තිබෙන ඛනිජලවණ ප්‍රමාණය පාලනය කිරිමේ කාර්යයෙහිද වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමද වැදගත්. රක්තානු නිපදවීම පාලනය කිරීම වකුගඩුවල කාර්යායක් වෙනවා.

මුත්‍රා පිටවීම පාලනය කිරීමේ අපහසුතාවය

කුඩා දරුවකු නම් සමහර විට වයස 4-5 දක්වාම දරුවන් රාත්‍රී කාලයේදී ඇඳ තෙමීම සිදුකරනවා. නමුත් වයස අවුරුදු 7 පසුවී පිටවීම පාලනය කරගත නොහැකි දරුවන්ට වෛද්‍ය පරික්ෂාව අවශ්‍ය වෙනවා. මෙම දරුවන් විශේෂයෙන් පාලනයකින් තොරව මුත්‍රා පිටකිරීම සිදුකරන්නේ විශේෂයෙන් රාත්‍රී කාලයේ නින්දෙදීය. විශේෂයෙන් මේ සඳහා රෝග කිහිපයක සම්බන්ධතාවයක් පවතී. විශේෂයෙන් ,

1.මුත්‍රා ආසාදන තත්ත්වයන්

සමහර විට මුත්‍රාශයට ලැබෙන ස්නායුවල යම්යම් දුර්වලතා තිබෙන්නට පුළුවන. ස්නායු දුර්වලතා අතරින් මේ සම්බන්ධව ප්‍රධාන වනුයේ පිටකොන්දේ දෙබඩිවීම ඉනඪදච ඡඪටචඤච නම් රෝග තත්ත්වයයි. මෙහිදී නිතර නිතර මුත්‍රාශය පිරි ඉතිරී පාලනයකින් තොරව මුත්‍රා පිටවීම සිදුවේ.

තවද මුත්‍රා නාළ සම්බන්ධව වන ශාරීරක නීතියට පිටින් පිහිටා තිබීමද විය හැක. මෙම රෝගාබාධ සඳහා විශේෂ ප්‍රතිකාර රාශියක් පවතිනා බැවින්, බියවිය යුතු නැත. සමහර විට ශල්‍යකර්ම මඟින් මේවා සුවකළ හැක.

2.මුත්‍රා ආසාධනය

උණ, වමනය මෙන්ම උදරගත වේදනාව හා අපහසුතාවක් මෙන්ම මුත්‍රා කිරීමේදි අපහසුතාවයක්ද, නිතර නිතර කැසීම දරුවන් අතර පවතින විට සැලකිලිමත් වන්න. තවද තුනටියේ වේදනාවද පැවතීම විශේෂයකි.

මුත්‍රා විවරය හරහා ශරීරයට ඇතුළුව බැක්ටීරියානුවන් එහි ආසාධන තත්ත්වයන් ඇතිකොට ඉහත රෝග ලක්ෂණ ඇතිකරනු ලබනවා. මුත්‍රා මාර්ගයේ බැක්ටීරියා ඝනත්වය මුත්‍රා මිලිලීටරයට බැක්ටීරියා ලක්ෂයකට වැඩි තරම් වීම විශේෂයක් වෙනවා. මෙය තදබද නම් මුත්‍රා සමඟ ලේ පිටවීමද සිදුවිය හැකිය. මේ සඳහා අමතරව වතුර බීමට පුරුදු කරවන්න. මුත්‍රා ආසාදනවලින් පසුව මුත්‍රා ගල් ඇතිවීමටද විශේෂයක් වනවා. දරුවන් එයින්ද පරිස්සම් කරගත යුතුය.

3.මුත්‍රා පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ගෙඩි හා පිළිකා

නිතර නිතර උණ ගැනීම , මුත්‍රා සමඟ ලේ පිටවීම, මුල් අවධියේ නම් ශල්‍යකර්ම මඟින් මේවා සුවකළ හැකි වෙනවා.

තවද වකුගඩුවල ගැටිති නොහොත් ඛ්රඵබඵ ඇතිවීමද විය හැකිය. මෙයද විය යුතු නොවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
නිරූපා සංජීවනීරත්නායක
ගම්පහ බෙහෙත් ශාලාව

 


 



subasetha

Comments