ඇස් නොපෙනෙන හේතු

සැප්තැම්බර් 20, 2019

දීර්ඝ කාලයක සිට එකම ඉරියව්වක සිටින ලෙස දෑස එහා මෙහා යවමින් වේගයෙන් ක්‍රියාත්මක කළ දෑසක් පීඩාවට පත්ව වපර බවට පත්වී පෙනීම අඩුවේ. මේ සඳහා කළ යුත්තේ ඇසට ව්‍යායාමයදී වපරය අවම කිරීමය. එවිට පෙනීම ඇතිවේ. ඇදුම රෝගයේ තමකඞ ස්වාශය නිසාද ඇස රත් පැහැවීම හේතුවෙන් ඇස නොපෙනෙන අවස්ථා ඇතිවේ.

මීට බාහිරව දියවැඩියාව රෝගයේ දී සහ අණ්ඩවායුවේ දී ඇස් නොපෙනීමේ දුර්වලතා ඇතිවීමට පුළුවන. සමහර විට එකී රෝග තීව්‍ර වූ විටදී ඇස් අන්ධවීමට පවා පුළුවන. ඒවා අක්ෂි රෝග ගණයෙහිලා සැළකෙන්නේ නීලිකා කාච ආදී කාච වශයෙනි. මෙම නීලිකා කාච රෝගය අප ගැමි ව්‍යවහාරයේ දී හඳුන්වනු ලබන්නේ නීලකාච යනුවෙනි.

දෘෂ්ටි මණ්ඩලය හා සම්බන්ධ දෘෂ්ටි නාඩි රෝගයක් වන ‘නීලකාචය’ ද ඇස් රෝගයේ ප්‍රධාන ප්‍රභේදය වන ‘නාඩිජන්‍ය’ ගණයට අයත් වූවකි. මෙහි ස්වභාවය නම් ඇස තිබුණත් පෙනීම නොමැතිකමය. අක්ෂි ගෝලය පරීක්ෂා කිරීමේදී එහි මාංශ පේශීන්ගේද පිහිටීමේ වෙනසක් නොපෙනෙයි. එහෙත් දෘෂ්ටි නාඩිය මොළය හා සම්බන්ධව කෙරෙන ක්‍රියාවලිය විරහිත නැත්නම් ඇසයි මොළයයි අතර පණිවුඩ හුවමාරුව එහෙම පිටින්ම ක්‍රියාකාරී නොවනු ඇත්තේ ය.

ඒ හේතුව නිසා රූප නොපෙනෙනු ඇති. දර්ශන නොගැටෙයි පෙනීම නොලැබෙයි. දර්ශන මාත්‍ර පහළ නොවෙයි. මේ සඳහා උපමාවක් දැක්වුවහොත් විදුලිය ගැලවූ විදුලි බුබුලක් හා සමානය. විදුලි බුබුල සවිකර තිබුණද එය ආලෝක කිරීමට අවශ්‍ය සාධක (බලවේග) ශක්තිය ගෙන එන ස්වීචයේ සිට විදුලි බුබුළ ළඟට අවශ්‍ය වන වයරය නොඇද්දොත් කුමක් වන්නේද බුබුළ තිබුණාට ආලෝකයක් ගැනීම අපහසු බව නොවේ ද?. නීලකාච රෝගයේ දී මොළයට සම්බන්ධ

දෘෂ්ටික නාඩියේ බල ශක්තිය හීන වීම නිසා සිදුවනු ලබන්නේත් එම රෝගියා ඇස තිබුණද එයින් ප්‍රයෝජනයක් නොමැති පුද්ගලයෙකු බවට පත්වීම ය. මෙය තදබල රෝගයක් බව නම් පැවසිය යුතු ය. විශේෂයෙන්ම මෙය අසාධ්‍ය තත්ත්වයේ ඇති සුවකළ නොහැකි තත්ත්වයේ පසුවෙන රෝගී තත්ත්වයක් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික අක්ෂි රෝග
විශේෂඥ - වෛද්‍ය
සුසිලා නාලනී ගොඩලියද්ද

 

 



subasetha

Comments