ගර්භණී සමයේ දරුවාගේ වර්ධනයට පාරම්පරික වෙදකමේ හාස්කම්

සැප්තැම්බර් 13, 2019

විශේෂයෙන් ගැබිනි මවට වර්ධනය වන ළදරුවාට ඉතාම ගුණදායි සෝයා කිරී, එළකිරි, ත්‍රිපෝෂ, චීස්, බටර් වර්ග, මෝරු ගුණදායකයි.

දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රම මඟින් ගර්භණී මව්වරුන්ට වෙදකමේ හාස්කම් කීපයක් හඳුන්වාදීම මෙයින් කරන අතර මේ තුළින් දරුවාගේ වර්ධනයත් මවගේ නිරෝගිකමත් පහසු දරු ප්‍රසූතියත් කිරීමට හැකියාව උදාවෙනු ඇත.

පාරම්පරික දේශීය වෙදකමේ කරුණු කාරණා අනුගමනය කළ අපේ වැඩිහිටි සමාජය දෙස බැලූවිට දරුවන් දාහතරක් බිහිකළ මව්වරුද ඇත. නමුත් රෝගාබාධයන්ගෙන් තොරව වයස්ගත වන තුරත් නිරෝගිව සිටින්න පුළුවන් විය. ඒ හාස්කම දේශීය පාරම්පරික වෙදකමයි.

එදා අද මෙන් බටහිර වෛද්‍ය ක්‍රමය දියුණු තත්වයක අප රට තුළ තිබුණේ නැත. එම කාලයේ මව්වරු දරුවන් බිහිකිරීමේදී දේශීය වෛද්‍ය ක්‍රම අනුගමනය කළ අතර දරුවන් රැසක් මව්වරු රටට දායාද කළ අතර රෝගාබාධ කිසිවක් ඇති වූයේද නැත. එයට හේතුව දරුවා වෙනුවෙන් ගර්භණී වූ දින සිට දේශීය ආහාර රටාවන් හා දේශීය ඖෂධ සඳහා ඒ අය කටයුතු කිරීමයි. එහි ප්‍රතිඵලය තමයි මව නිරෝගීමත්ව සිටීම. කාලයාගේ ඇවෑමෙන් බටහිර වෛද්‍ය ක්‍රමය දියුණු කිරීමත් සමඟ අතුරු ආබාධ මව්වරුන්ට උදාවීම ආරම්භ විය. අද වන විට එහි භයනකතාවය ඉහළ මට්ටමකට පත්වී ඇත. නමුත් දේශීය වෙදකම මේවනවිට යටපත් කර බටහිර වෙදකම ඉහළ තලයකට පත්වී ඇත. ඒ සමඟ දරුවන් බිහිකිරීමෙන් පසුව මව අතුරු ආබාධ රෝගවලින් පීඩාවිඳීම වැඩිවිය.

දේශීය වෙදකම තුළින් එදා ළදරුවෙක්, මවක් ජීවිතය හැරදා ගියේ කලාතුරතිනි. කෙසේ වෙතත් නවීන විද්‍යාව අනුව දරුවන් බිහිකිරීමට ඒ සඳහා රෝහලකට ඇතුළත් වෙනු ඇත. එයට හේතුව ඔබ බිහිකරන ළදරුවා නිරෝගිමත් ලෙස බිහිකිරීමට උදව්වක් කිරීමයි. දරුවා බිහිකරන්න යන අවස්ථාව දක්වා කාලය තුළ දේශීය පාරම්පරික වෙදකමෙන් ප්‍රයෝජන ගැනීමයි.

ඒ තුළින් නිරෝගිමත් පැහැපත් ළදරුවෙකු බිහි කිරීමට හැකිවීම හා දරු ප්‍රසූතියේදී මවට අධික වේදනාවක් නැතිව බිහිකිරීමේ හැකියාවක් උදාකරගන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

දේශීය පාරම්පරික වෛද්‍ය
දේශබන්දු ඩී.පී.ඒ.පාලින්ද

 



subasetha

Comments