භග්න සුවවීම ප්‍රමාද ඇයි?

සැප්තැම්බර් 13, 2019

ඉපැරණි “කැඩුම් –බිඳුම්” වෙදකම හස්තසාර ප්‍රතිකාර වලින් යුක්තය. රට පුරා විසිර පැතිර පවත්නා වෛද්‍ය පරම්පරා ගණනාවක් වෙති. ඔවුන් සතු හෙළ වෙද ඖෂධ වට්ටෝරු විශ්මිත ගුණයෙන් යුක්තය. සිය ප්‍රතිකාර මගින් රෝගීහු සුව කරණ වෛද්‍යවරු ඉසිවරු බඳුය. මෙම පාරම්පරික ගුරුකුළ නියෝජනය කරන වෛද්‍යවරු අදත් සිටිති. එහෙත් සමහර අවස්ථාවල පහත සඳහන් ප්‍රකාශ අසන්නට ලැබෙයි.

“..............වෙද මහත්මය මාස හතරක් තිස්සේ ප්‍රතිකාර කළා. ඒත්..........බලන්නකො තවම කිසිම ගුණයක් නැහැනේ...සල්ලි දෙනව...දෙනව අගක් මුලක් නැතුව. මෙහෙම...ගියොත් අපිව හිඟමනයට වැටිල තමයි. නතර වෙන්නෙ....”

මෙම වැහැරීමෙන් ඇතිවන අලකළංචිය ඉතාමත් බරපතල ය. මක් නිසාද යත් හෙළ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර දැනුම හෑල්ලුවට ලක්වෙයි.අනෙක් පසින් දේශීය වෛද්‍ය ක්‍රමය කෙරෙහි චිරාත් කාලයක් තැබූ විශ්වාස බිඳී වැටෙයි. මෙවැන්න හෙළ වෙදකමේ පැවැත්ම කෙරෙහි තදින් බලපානු ලැබේ.

කවර මට්ටමක “කැඩුම් –බිඳුමක්” වුවද සුවවීම ප්‍රමාදවීමට බලපාන හේතු රැසකි. සිය අස්ථි පෑහීම ප්‍රමාද වීමට බලපාන හේතුව වෛද්‍යවරයා ගේ ප්‍රතිකාර දැනුම හෑල්ලුවට ලක්වෙයි. අනෙක් පසින් දේශීය වෛද්‍ය ක්‍රමය කෙරෙහි චිරාත් කාලයක් තැබු විශ්වාස බිඳී වැටෙයි. මෙවැන්න හෙළ වෙදකමේ පැවැත්ම කෙරෙහි තදින් බලපානු ලැබේ.

කවර මට්ටමක “කැඩුම්, බිඳුවක් වුවද සුවවීම ප්‍රමාදවීමට බලපාන හේතු රැසකි. සිය අස්ථි පෑහීම ප්‍රමාද වීමට බලපාන හේතුව වෛද්‍යවරයා අවබෝධ කරගත යුතුය. ඒ පිළිබඳව රෝගියාගේ “හෙදකම්” පාර්ශ්වයටද දැනීමක් තිබීම වැදගත්ය. කෙසේ වෙතත් භග්න සුවවීම ප්‍රමාද වීමට බලපාන කරුණු කාරණා හඳුනා ගනිමු.

කැඩී බිඳී වෙන්වුනු ඇට අනියම් ක්‍රමයට පෑස්සීමෙන් විකෘතිතා ඇතිවේ. මෙවැනි විකලාංගයන් ශාරීරකව හා මානසිකව ඇතිකරන බලපෑම බරපතලය. මෙම උවදුරට මුහුණ දෙනුයේ කැඩුණු ඇට ක්‍රමවත්ව එක්තැන් නොකොට බෙහෙත් බැඳීමෙන් ය. එවිට භග්නය පෑස්සුනිද ගාත්‍රාවල කෙටිවීමක් හෝ ඇදයක් දකින්නට ලැබේ. මෙවැනි අඩුපාඩුවක් කුඩා දරුවකුගේ සිදුවුවද ඔහුගේ වැඩීමත් සමඟ එම තත්වය මඟ හැරීයයි. කෙසේ වෙතත් වැඩුණු අයෙකු තුළ ඇතිවන අඩුපාඩුව සැකසිය නොහැකි වේ. එබැවින් ප්‍රතිකාර කරන මුල් අවදියේදී වෛද්‍යවරයා අදාළ රෝග තත්වය කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ආචාර්ය, පණ්ඩිත වෛද්‍ය
ලක්ෂ්මන් වසන්ත රුක්මාල්
ගොරකපිටිය – පිළියන්දල

 



subasetha

Comments