රූමටොයිඩ් ආතරයිටිස් Rheumatoid Arthritis (RA) සඳහා හෝමියෝපති සුවය

ජූලි 26, 2019

Rheumatoid Arthritis  යනු කුමක්ද?

Rheumatoid Arthritis  යනු ස්වයං ප්‍රතිශක්තීකරණ (Autoimmune) රෝගයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බැක්ටීරියා.

වෛරස් වැනි බාහිර බලපෑමක් හේතුවෙන් සන්ධියකට ඇතිවූ පහරදීමක් නිසා එම සන්ධිය ප්‍රදාහක අවස්ථාවට පත්වී සන්ධිය ඇතුළත (Synovium)  වූ පටක තදභාවයට පත්වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සන්ධිය අවට ඉදිමීමක් හෝ වේදනාවක් ඇති කරයි. Synovium  මගින් සන්ධි ලිහිල් කරන තරලයක් නිපදවන අතර ඒවා සුමටව ගමන් කිරීමට උපාකරි වේ.

ප්‍රදාහක අවස්ථාව පාලනයකින් තොරව සිදුවුවහොත් එය කාටිලේජ හා සන්ධියක අස්ථි කෙළවර ආවරණය කරන ප්‍රථ්‍යස්ථ පටක වලට මෙන්ම අස්ථි වලටද හානි සිදුකරයි. කාලයත් සමඟ කාටිලේජ ක්ෂය වීමත්, සන්ධිවල අස්ථි අතර වූ අවකාශයේ කුඩා වීමත් සිදුවිය හැකියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සන්ධි ලිහිල් අස්ථායි හා වේදනාකාරි විය හැකි අතර ඒවායේ සංචලතාවය නැතිවී යයි. සන්ධි විරූපන (Joint deformity) අවස්ථාද ඇතිවේ.

Rheumatoid Athritis ශරීරයේ ඇතිවන ප්‍රදේශ මොනවාද?

මෙම තත්ත්වය බොහෝ විට අත් ,පාද, මැණික්කටුව, වැලමිට, දණහිස හා වළලුකර සන්ධිවලට බලපායි. මෙම රෝගයේ බලපෑම සමමිතික වේ. එයින් අදහස්වන්නේ එක් දණහිසකට හෝ අතකට බලපෑමක් ඇතිවුවොත් සාමාන්‍යයෙන් අනෙක් දණහිසටද බලපාන බවයි. මෙම රෝගී තත්ත්වය මගින් හෘදවාහිනී, ශ්වසන පද්ධති වැනි ශරීර පද්ධතිවලට බලපෑම් ඇතිකළ හැකි බැවින් මෙය පද්ධතිමය රෝගයක් ලෙස හඳුන්වයි. පද්ධතිමය යන්නෙන් අදහස් කරන්නේ මුළු ශරීරයම යන්නයි.

මෙම රෝගී තත්ත්වයට ගොදුරුවන්නේ කවුරුන්ද?

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
හසිත ටිරාන් සුබසිංහ

සාකච්ඡා කළේ
ආර්.යටවතුර

 

 



subasetha

Comments