ඉරුවාරදය හෙවත් මිග්‍රේන් (Migraine) සඳහා හෝමියෝපති ප්‍රතිකාර

ජූලි 12, 2019

ඉරුවාරදය යනු කුමක්ද?

ඉරුවාරදය යනු පුනරාවර්තන ආකාරයේ හිසරදයකි. වේදනාවේ තත්ත්වය. මධ්‍යස්ථ සිට උග්‍ර අවස්ථාවක් දක්වා වර්ධනය වේ. වේදනාව නිතරම ඔබේ හිසෙහි එක් පැත්තක පවතී. ඔබට ඔක්කාරය හා දුර්වලතාවය වැනි රෝග ලක්ෂණ මෙන්ම ආලෝකය හා ශබ්ද සඳහාද සංවේදී විය හැකියි.

ඉරුවාරදය ඇතිවීමට හේතුව කුමක්ද?

ඉරුවාරදයේ ජානමය හේතුවක් ඇති බව පර්යේෂකයෝ විශ්වාස කරති. ඉරුවාරදය සඳහා බලපාන සාධක ආතතිය, කාංසාව,කාන්තාවන්ගේ හෝමෝනමය වෙනස්කම්. දීප්තිමත්, දැල්වෙන විදුලි පහන්, තීව්‍ර ශබ්ද හා සුවඳ , ඖෂධ වර්ග, ඕනෑවට වඩා හෝ ප්‍රමාණවත් නින්දක් නොලැබීම, කාලගුණයේ හෝ පරිසරයේ සිදුවන වෙනස්කම් , මත්පැන්, දුම්කොළ , කැෆේන් ,චොක්ලට්, මොනොසෝඩියම් ග්ලූටටේට්

ඉරුවාරදය ඇතිවීමේ අවදානම ඇත්තේ කාටද?

ඇමරිකානුවන්ගෙන් 12% කට පමණ ඉරුවාරදය පවතී.

කාන්තාවන්, ඉරුවාරදය ඇතිවීම කාන්තාවන්ට පිරිමින්ට වඩා තුන්ගුණයකින් වැඩිය. ඉරුවාරදය සහිත පවුල් ඉතිහාසය,

ඉරුවාරදය ඇති බොහෝ පුද්ගලයින්ට ඉරුවාරදය සහිත පවුල් ඉතිහාසයක් ඇත.

අනෙකුත් රෝග තත්ත්වයන්

මානසික අවපීඩනය, කාංසාව, බයිපෝලර් අක්‍රමිකතා (Bipolar Disorders) , නින්දේ ආබාධ හා අපස්මාරය ආදී රෝගී තත්ත්වයන් සහිත රෝගීන් ඉරුවාරදයෙන් පීඩා විඳී.

ඉරුවාරදයේ රෝග ලක්ෂණ මොනවාද?

ඉරුවාරදයේ වෙනස් අදියරයන් හතරක් (4 ක්) දක්නට ලැබේ. නමුත් ඔබට ඉරුවාරදය ඇති සෑම අවස්ථාවකම එම සියලු අදියරයන් ඇති නොවෙන්නට පුළුවන.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හෝමියෝපති
වෛද්‍ය,
හසිත ටිරාන් සුබසිංහ

 



subasetha

Comments