සිරුරේ යොවුන් බව රකින ‘ඕජස’ සහ ධාතු

ජූලි 19, 2019

කෙනෙකු සතුටින් සිටිනවිට සිරුරින් නිපදවෙන්නේ ඕජස් ය. කනගාටුවෙන් ආතතියෙන් සිටින විට සිරුරට අහිතකර දේ නිපදවෙයි. මෙවිට ඕජස් ක්‍රියාත්මක වී වා පිත් සෙම් සමබර කිරීමෙන් සිරුර ආරක්ෂා කිරීමටත් ඉදිරිපත් වෙයි. මෙයින් පිළිකා වැළකෙයි. ඕජස්වල වටිනාකම ඉන් සිතාගත හැකි නේද?

ඔප වැටුණු සමකට දීප්තිමත් නෙත් සඟලකට සුවදායක ශරීර සෞඛ්‍යයකට හිමිකම් කිව හැක්කේ ඕජස් අසමතුලිතව ඇතිවිටයි. දීඝායු ලැබීමට ඕජසෙහි බලය අත්‍යවශ්‍ය ය. දොර අසළ ඇති පහනට ද ඕජස් උපමාකරයි. සිරුරේ ශක්තිය, ප්‍රතිශක්තිය, ඉහළ නංවන්න ඕජස් නැතිවම බැරි ය. බටර්වලින් පිළියෙල කර ගන්නා ගිතෙල් මෙන් ඕජස් යනු අප ගන්නා ආහාරවල පවිත්‍රවූ පලයයි.

ඕජස් වැඩිකර ගන්නේ කෙසේද?

ප්‍රතිශක්තිය, ශක්තිය, පී‍්‍රතිය ජීවිතයට එක් කරන ‘ඕජස්’ වැඩි කරගත් තරමට කායිකව මෙන්ම මානසිකව ද අපේ නීරෝගිභාවය ඉහළ නංවා ගත හැකි ය.

ආයුර්වේදයට අනුව ආහාර යනු

ඖෂධය. ඕජස් මිහිරි, බර, තෙල් සහිත, සිසිල්, මෘදු ස්වභාවයක් ගනී. මේ ගුණාංග අඩංගු ආහාර පැණිරස, යුෂ ඇති නැවුම් ආහාරයි. ආයුර්වේදයේ මෙවැනි ආහාරවලට උදාහරණ ඕනෑ තරම් ය.

උදා - අලිගැටපේර, කෙසෙල්, රට ඉඳි, බතල, කජු, අල, ගිතෙල්, පළා වර්ග, වියළි මිදි.

ඇට වර්ග

(විශේෂයෙන් ආමන්ඩ්)

මුං

පොත්ත සහිත ධාන්‍ය
 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

චම්පිකා දීපානි රණසිංහ

 



subasetha

Comments