පංකජගේ මසුරු බව නිසා සියල්ලන්ටම ඔහු එපා වෙලා

ජූලි 12, 2019

පංකජ නිහඬය. දානමය පිංකමක්, සමාජ සේවයක් කී සැණින් ඔහු නිහඬය. සනෝජාට ඔහු සමඟ ගත කරන යුග දිවිය කල් කදුරුවලටත් වඩා තිත්තය. එහෙත් දැන් දරුවන් ද විවාහ වී දරුවන් ලබා සිටියි. ඔහුට දේපළ දරුවන්ගේ නමට ලියන ලෙසට කොපමණ කියා සිටියත් නෑසුණාක් සේ සිටියි.

දරුවන්ගේ දරුවන් සිටිය ද තවමත් පංකජගේ නිවෙස තමන් කැන්දාගෙන එන විට තිබූ නිවහනමය. ගෙපැල අඟලකින්වත් විශාල කිරීමේ උවමනාවක් ඔහුට තිබුණේ නැත.

අලංකාර නිවෙසක් දුටු විට බැණ වැදීම පංකජගේ ස්වභාවයයි. මේ නිසා නෑ හිත මිතුරන්ගේ සොඳුරු නිවහන්වලට ඔහුව ඇය රැගෙන යන්නේ මහත් බියෙනි. කුමන හෝ අනවශ්‍ය කතාවක් පවසා තිබෙන හොඳ හිත පළුදු කිරීමට ඔහු පෙලඹෙයි. පංකජ කෙතරම් මුදලක් ඉතිරි කර තිබෙනවාදැයි මනෝජාවත් දන්නේ නැත. දරුවන් තිදෙනා පියාව හඳුන්වනුනේ මසුරු සිටාණන් ලෙසිනි. වාසනාවකට මනෝජාගේ මවත් තමන්ට ලැබෙන විශ්‍රාම වැටුප දියණියට දුන්නේ පංකජ ගැන හොඳින්ම දැනගත් පසුවය. මවගෙන් ලැබෙන මුදල ඉතා අරපිරිමැස්මෙන් වියදම් කර ඇය දූ දරුවන්ට ඉගැන්වීය. මවගෙන් වටිනා ඇඳුමක් තෑගි ලැබුණත්, දූ දරුවන් හොඳින් ඇඳ පැලඳගෙන සිටියත් පංකජ කෝපයට පත් විය.

මනෝජා පංකජගේ අසුබවාදී කතා ගණනකට නොගෙන නිවෙස පුංචි මන්දිරයක් මෙන් තබා ගත්තාය. ඇයගේ දස්කම් ගැන නිවෙසට පැමිණෙන්නන් අගය කරද්දී ඔහු කළේ අවමන් කිරීමය. පංකජ මධුවිත තොලගෑවේ අනුන්ගේ මුදලින්ය. ඔහු මඟුල් ගෙදරකට යන්නේම මධුවිත තොල ගෑමටය. මත් වතුර නැති මඟුල් ගේකට ගිය විට ඔහු නිවෙසට පැමිණෙන්නේ තෑගි දීමට සිදු වීම ගැන බැණ වදිමිනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් :–
වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති

පී.එන්.විද්‍යාකුලපති
සටහන චම්පිකා දීපානි රණසිංහ

 



subasetha

Comments