එක් බෝගයක් තුළින් කුළුබඩු දෙකක්ම ලබාගත හැකි ඖෂධයක් වූ සාදික්කා වසාවාසි

ජූලි 26, 2019

සාදික්කා සහ වසාවාසි ඖෂධයක් මෙන්ම රසවත් ආහාරයක් මෙන්ම බුලත්විට සඳහාද යොදාගන්නා සුගන්ධවත් බෝගයකි. සිංහල භාෂාවෙන් සාදික්කා යයි කියනු ලබන සාදික්කාවලට සංස්කෘත භාෂාවෙන් නම් රැසකි.

ඒ ජාතිථල, ජාතිකෝෂ ජාතිසස්්‍ය, ජාතිශෘංග ,මාලතීථල හා සෝචන ස්‍යථල යනුවෙනි. හින්දි භාෂාවෙන් ජායාථල ලෙස නම්කර ඇති සාදික්කාවලට දෙමළබසින් කියනුයේ සාදික්කා මෙන්ම ජාදික්කායි යනුවෙනි.

ඉංගී‍්‍රසි බසින් යෙදී ඇත්තේ ව්භබථඥඨ ලෙසිනි. කුළුබඩු අතරින් ප්‍රධාන තැනෙහිලා ගැනෙන ගම්මිරිස් හා කුරුඳු හැරුණු විට ඉතා සුගන්ධවත් කුළුබඩුවක් මෙන්ම ඖෂධයක් ලෙසින්ද සාදික්කා සළකනු ලැබේ.

සාදික්කා සෙම් වාත දොස් සමනය කිරීමේ ගුණයෙන් යුක්ත බැවින් බෙහෙවින්ම සෙම්වාත රෝග සඳහා දෙනු ලබන ප්‍රතිකාරවලට බෙහෙවින් ප්‍රයෝග කරගනු ලබති. ඉදිමුම් නාශක ගුණයකින් යුත් සාදික්කා කුෂ්ඨ නසන ගුණයකින්ද යුක්ත වේ.

හිසේ වේදනා, සන්ධිඉදිමුම්, වේදනා සමේ රෝගාදියටද මහඟු ඖෂධයක් ලෙස යොදා ගනිති. උගුර ඉදිමීම, කටහඬ වෙනස්වීම, උගුරේ ගෙඩි ඇතිවීම, උගුරු සෙම් වියලීම ගිලීමට, අපහසු වීම ආදි රෝගයන් සඳහා දෙනු ලබන කණ්ඩමාල කල්කයට සාදික්කා ඇතුළු කළුදුරු, සූදුරු , පත්පාඩගම් කරඬු, සීනක්කාරම්, සවිද ලුණු, වසාවාසී ඇතුළු තවත් ඖෂධයන් රැසක්ම යොදා ගනිති. එමෙන්ම නවරත්න කල්කය, දෙබටමල් කල්කය, බුද්ධ රාජ කල්කය, සුරජීවක කල්කය, ආදි කල්කයන්ටද වසාවාසී සහ සාදික්කා අනෙකුත් ඖෂධයන් හා එක්කර ගනී.

සප්තවිට කුෂ්ට වාතරක්ත ආදි රෝගයන් සඳහා දෙනු ලබන මහා නිබ්බාදි චූර්ණය සාදික්කා ඇතුළු අතිවිඩ ඉගුරු, වසාවාසි, තිප්පිළි, කුරුඳු පොතු, අසමෝදගම්, කොහොඹ පොතු , චීන අල, එනසහල්, ගම්මිරිස් ඇතුළු ඖෂධ කීපක්ම යොදාගනී.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

බත්තරමුල්ල පැලවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර

සටහන
එස්.එස්.එස්. ප්‍රනාන්දු



subasetha

Comments