ඔබත් පොතු කබර රෝගයෙන් විඳවනවාද

ජූලි 5, 2019

අද සමාජයේ බොහෝ ලෙඩ රෝග වයස් භේදයකින් තොරව හටගනු ලබයි. ඒවා බොහෝ විට අධික වැඩ, විවිධ නිලතල, වත්කම් ආදි හේතූ නිසාවෙන් ඇති වෙයි. මේ බව රෝහල් හා සායන කරා ඇදී එන රෝගීන් පිරිස දෙස බලන විට පෙනී යයි.

එසේම සහජ කර්මජ, ආගන්තුක ආකාරයෙන් රෝග ඇති කරන මාර්ගයෝ වෙති. පරම්පරාවෙන් පැවත එන රෝග මෙසේ “සහජ” යනුවෙන් හැඳින්වෙයි. තමා විසින් කරනු ලබන කුසල අකුසල හේතුවෙන් ඇතිවන රෝග කර්මජ යනුවෙන් හඳුන්වනු ලබයි. බාහිර උපද්‍රව නිසා ශරීරගත වන රෝගයෝ ආගන්තුජ යනුවෙන් හඳුනාගෙන ඇත.

මේ කිනම් ආකාරයෙන් හෝ අසනීප ඇතිවීම ඉතා ඉක්මනින් සිදු වුවද මේවා සුවවීමට ගන්නා කාලපරාසය දීර්ඝකාලීනය. එවැනි රෝගයක් ලෙස පොතුකබර රෝගය හැඳින්විය හැකිය. එහෙත් එවැනි රෝග සඳහා නිසි ප්‍රතිකාර පාරම්පරික රහස් බෙහෙත් වට්ටෝරු තුළ පවතියි. එසේම රෝග සඳහා බොහෝ විට පරිස්සම වැදගත් වන්නේය. වස විෂ නැති ආහාර ගැනීම, දියනෑම වැනි දේ කිරීමේදී ඔබ බොහෝ විට පරිස්සමි සහිතව කළ යුතුය.

අද කාලයේ දක්නට ලැබෙන රෝග අතර බොහෝ දෙනෙකුට දක්නට ලැබෙන රෝගයකි පොතුකබර. පොතුකබර ඇතිවීම නිසා ඔබ තවමත් සිත් තැවුලෙන් පසුවේ නම්...මෙය පාරම්පරික වෙද වට්ටෝරු වලින් සුව කරගත හැකියි. ප්‍රතිකාර නිසි ලෙස ගත යුතුය.

පළමුව විරේකයක් ගත යුතුය.

බෙලි, තොටිල , මිදි, පළොල් ආදි දශ මූලා කෂාය වරු තුනක් පමණ බොන්න.

කොටි හං පුළුස්සා අඹතෙලින් අඹරා ගාන්න. ඒ අතර දශමූල කෂාය වරින් වර බොන්න.

කොබෝලීල පොතු, මනෝසීල, පුළුස්සා අඹරා අඹතෙලෙන් ගාන්න.

බෙලි කටු ( මුහුදු බෙල්ලා) ඇඹුල් දොඩං ඉස්මෙන් ගාන්න.

ඖෂධ ගැල්වීමට පෙර ඇඹුල් දොඩං ගොඩියක් පුළුස්සා අදාල ස්ථානයේ ගා සෝදන්න.

මරතෝන්ඩි දෙහි ඇඹුලෙන් ගාන්න

මේ බෙහෙත් වට්ටෝරු පැරණි පුස්කොළ පොත්වල සඳහන්ව ඇති පාරම්පරික අත්දුටු අත් බෙහෙත් වෙයි.

මාකෙහෙල්වෙල
කරුණාපාල

 



subasetha

Comments