මුත්‍රා රෝගවලට සහනය ගෙනෙන ඖෂධීය පැළෑටි

ජූලි 19, 2019

ආයුර්වේදය හා පරිසරය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. පැරැණ්නන් තම නිරෝගීකම ආරක්ෂාකර ගත්තේ පරිසරයේ ශාක වර්ග ප්‍රයෝජනයට ගැනීමෙනි.

එම ශාක හා පැළෑටි අද ද දක්නට ඇත. එහෙත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගන්නා බවක් නම් නොපෙනේ. ඒ නිසාම ඔසු ගුණයෙන් සපිරි නිරෝගිබව රැකදෙන පැළෑටි වර්ග කිහිපයක් ඔබගේ සුවසෙත වෙනුවෙන් මෙලෙස හඳුන්වා දෙන්නෙමු. මෙම බොහොමයක් පැළෑටි මුත්‍රා රෝග සඳහා ගුණදෙන ඒවාය.

කුප්පමේනිය

කුප්පමේනිය කොළ අඹරා නාභිය මත ආලේප කිරීමෙන් මුත්‍රා පිටවීම ඉක්මන් වත අතර මල මාර්ගයේ පවතින අපහසුතා, අස්වාභාවික මාස් ශුද්ධිය, යටිබඩේ අධික වේදනා, රාත්‍රී නින්ද නොයාම , හිස්හොරි, පිළිස්සුම් තුවාල සුවකිරීමට යොදාගත හැකි ප්‍රත්‍යක්ෂ ඖෂධ පැළෑටියකි. ලේ සහිත සෙම සමඟ කාරා දමන කැස්ස, ශ්වාසනාල අවහිරවීම, ඇදුම, කල්ගත වූ ප්‍රතිශ්‍යාව, මුත්‍රාශ ප්‍රදාහය, වාතරක්තය, චර්ම රෝග, වලිප්පු, අපස්මාර රෝග සඳහා හේතු විය හැකිය. කුප්පමේනිය ශාකයේ කොළ හීනියට ලියා පොල් සහ ලුණු මිශ්‍රකර දෙහි ඇඹුල්, කලවම්කර ආහාරයට ගැනීමෙන් සෙම ආශි‍්‍රත අසනීප ඉවත්කරගත හැකිය. වෙනත් බෙහෙත් වර්ග දලු අනුපානයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකියි.

කූර තම්පලා

මුත්‍රා කාරක ඖෂධීය පැළෑටියකි. රත්පිත් රෝග සඳහා විශේෂයි. කොළ වශයෙන් සහ සම්පූර්ණ ශාකය රැගෙන හීනියට කපා මුට්ටියකට දමා වතුර කෝප්ප 4 ක් දමා එක කෝප්පයකට සිඳ ගෙන උදේ, හවස පානයට සුදුසුය. ව්‍යාංජනයක් ලෙසද ආහාරයට ගත හැකිය. ඍතු කාලයේදී කාන්තාවන්ට අධිකව ලේ පිටවන අවස්ථාවේදි කූර තම්පලා සහ ඒවායේ මුල් ගෙන කොටා පානය කිරීමෙන් විශිෂ්ට ගුණයක් ලැබේ.උපදංශ රෝගවලදී කුණු ගඳින් යුක්තව ලේ පිටවන අවස්ථාවලදී යෙදිය හැකිය.

සැවැන්දරා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

උපදෙස් ගම්පහ බෙහෙත් ශාලාවේ හෘදය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

මහීපාල ගමගේ
ජයන්ති කුරේ

 



subasetha

Comments