සප්තධාතු වර්ධනය කරන විටමින් ඌණතාවය දුරලන ලේ වඩන නිරෝගීතාවය රැකදෙන නිවිති

ජුනි 28, 2019

ශරීර ගත විෂහරණය කිරීමේ ගුණයකින් යුතු නිවිතිවල විටමින් මෙන්ම යකඩ වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව ඇති බැවින් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද මහඟු ඖෂධයක් හා සමානය. ශරීරයේ ඇතිවන විවිධාකාර රෝගාබාධවලින් ආරක්ෂා කිරීමේ ගුණයක්ද පවතී. නිවිති ලේ වඩන ආහාර අතර ප්‍රධාන තැනට පත්ව ඇති එළවළුවකි. විශේෂයෙන් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන නිවිති වාතය සහ පිත නැසීමේ ගුණයක් පවතී.

නින්ද නොයෑමේ අපහසුතා මගහැර නින්දයෑමට සළස්වන ඖෂධයක් වන අතර ශක්තිය හා ශුක්‍ර වර්ධනය කරයි. ආහාර අරුචිය එනම් බඩගින්න වඩවා ආහාර රුචිය ඇතිකරයි. මුත්‍රාකාරක ගුණයෙන්ද යුතුවන අතර සෙම් රෝගීන්ට නම් නිවිති එතරම්ම ගුණ නැත.

ශීත ගුණයෙන් හෙබි නිවිති සෙම්ප්‍රතිශ්‍යා, කැස්ස, පීනස්, හතිය ඇති රෝගීන්ට නිවිති ආහාරයට ගැනීම සුබ නැත. අප ආහාරයට ගනු ලබන නිවිතිවලට මලබාර් නිවිති යනුවෙන්ද හඳුන්වති. නිවිති හඳුන්වා ඇති නම් රැසක්ම ඇත. නිවිතිවලට සිංහල නාමය වන්නේ, නිවිතිමය, සංස්කෘත භාෂාවෙන් උපෝදිකා, පෝතිකා පිච්චිලා, පිච්චිලා ජද්‍ර මදශාක මෝහිනී නම් වන අතර ඉංගී‍්‍රසි භාෂාවෙන් INDIAN SPINACHOR WALABAR VIGHSHA නම් වේ. මෙහි උද්භිත නාමය වන්නේ BASELLACEAE සහ BASELLARUBAR  වන අතර නිවිති අයත් කුලය වන්නේ BASELLACEAE යයි. නිවිති වැල් නිවිති, රතුවැල් නිවිති, උඩයන නිවිති, ක්‍රිපින්නිවිති ආදී වශයෙන්ද හඳුන්වා ඇත. එමෙන්ම නිවිති නිල්නිවිති , රතුනිවිති, යනුවෙන් බොහෝ දෙනකු හඳුන්වන වැලක්මෙන් හැදෙන පළල් කොළයකින් යුත් වැඩීමට අපහසු නොවන එළවළුවකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර

සටහන
එස්.එස්. එස්. ප්‍රනාන්දු

 



subasetha

Comments