වටිනා ඖෂධයක් වූ රත්හඳුන්

ජුනි 7, 2019

දුර්ලභ ගණයේ ශාකයක් වූ රත්හඳුන් කුෂ්ඨ නසන ගුණයෙන් ඉහළ බැවින් චර්ම රෝග ප්‍රතිකාරවලදී සංයෝග කරති. විශේෂයෙන් රත්හඳුන් විෂ නසන ගුණයෙන්ද යුක්තවන නිසා සර්ප විසේදී ක්ෂණිකව ඇල්දියෙන් හෝ දෙහි ඇඹුලෙන් ගලගා ආලේප කිරීමට ද පුරුදුව සිටිති.

ඉංගී‍්‍රසි බසින් අඥඤ ඉචදඤචත ඹධධඤ අඤඵචදඤඥපඵ සහ අභඡර ඹධධඤ යනුවෙන යෙදී ඇති අතර සිංහල බසින් රත්හඳුන් වන අතර සංස්කෘතික බසින් ලාල් චන්දන, රක්ත වන්දනා, ශෝෂ්ත රක්තසාර, රක්තාංග ,හරිචන්දන, යනුවෙන්ද හින්දි බසින් ශන්සන්දනම්, කුසචන්දනම්, සිඩගාඩම් යනුවෙන්ද දෙමළ බසින් ශෙන්චන්දනම්, යනුවෙන්ද නම් කොට ඇත.

ටෙරෝකාපම් සැන්ටලීනස් ර්‍ථබඥප ර්‍ණජචපනභථ ඉචදබචතඪදභඵ .ඹ්.ජ්. යන උද්භිද විද්‍යානාමයෙන් හඳුන්වන් හඳුන්වනු ලබන රත්හඳුන් ශාකය ලෙගුමිනෝසියේ ඹ්චඨචථඪදධඵචඥ ශම්මි කුලයට අයත්ය. අග්‍රගන්ධ, චන්දන, හරිචන්දන එක්න චන්දන රත්නසාර ලෝභිත චන්දන මලයාජ පත රංග නම් භාවිතා කෙරේ. දකුණු ඉන්දියාවේ සහ පිලිපීන් දූපත්වල සරුවට වැඩෙන රත්හඳුන් අප රටේ දුර්ලභ ගණයේ ශාකයක් බවට පත්වී ඇත. රත්හඳුන් ශාකයේ අතු කිණිති අගත් පත්‍රමුලත් පුෂ්ප මංජරී හටගනී. ඒ වෙසක් මාසය උදාවන මැයි මාසයේ ආරම්භයේදීය. මොළොක් සුඹුලක් ඇති ඇතුළත ලා රත් පැහැයක් ඇති මෙම ශාකයේ රත්හඳුන් අරටුවේ ප්‍රධාන වර්ණ කාරකය වන සැන්ටලීන් ඇසිඩ් හා දියෙහි දිය නොවන ටෙරාකාසින් නැමැති පදාර්ථයද අඩංගුව පවතී.

රක්තචන්දන මතීච ශීතලං

තික්ත ලක්ෂණ භද්‍රාසු දොෂනුත්

වාත පිත්ත කඵ කාසයං ජ්වර

ග්‍රාන්ති ජන්තු මමථු තෘෂාපගම්

රත්හඳුන් ඉතා සීතලය. තික්තයි. ලේ දොස් නැතිකරයි. වාතය පිත සෙම කැස්ස සහිත උණ ,කරකැවිල්ල, පණුවන්, වමනය සහ පිපාසාව නැතිකරයි. රත් හඳුන් වශයෙන් අප බොහෝ දෙනා භාවිතා කරනු ලබන්නේ රත්කිහිරිය, ආයුර්වේද බෙහෙත් බඩු අලෙවිකරනු ලබන වෙළඳ සැල්වලද රත්හඳුන් වෙනුවට අලෙවිකරනු ලබන්නෙ රත් කිහිරිය,රත්හඳුන් වෙනුවට රත්කිහිරිය යොදා ගැනීම හාත්පසින්ම නුසුදුසුය. “රක්ත චන්දන කාහාවේ නවෝශිරං විනිත්‍රිධෛඞ යන්නෙන් රත්හඳුන් නොලත් කල් ඒ වෙනුවට අලුත් සුවඳ හොට හෙවත් සැවැන්න මුල් ගැනීම ශ්‍රාස්ත්‍ර නියමය වේ.

ඉන්දියාව නිජබිම කරගත් රත්හඳුන් ගසක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඇති බවක් සඳහන්ව ඇත. ප්‍රථම ලාංකික උද්භිත උද්‍යාන අධ්‍යක්ෂකව සිටි ඩී.ඇම්.ඒ.ජයසිංහ මහතාගේ සේවය ඇගයීමට එම රත්හඳුන් ශාකය රෝපණය කර ඇත්තේ 1972 දෙසැම්බර් මාසයේදිය. එමෙන්ම 1964 වර්ෂයේදී අක්කර පහළොවක භූමිභාගයක ආරම්භ කරන ලද නාවින්න ආයුර්වේද පර්යේෂණ ඔසු උයනෙහිද රත්හඳුන් ශාකයක් ඇත. රත්හඳුන් ගසෙහි පත්‍ර තද කොළපාටින් යුක්තය.

පත්‍ර මෝරන විට කහ පැහැයට හැරී දුඹුරු පාටට හැරේ. පත්‍ර නටුවද සෙ.මී. හතක් අටක් පමණ වේ. සෙ.මී. 6,7 පළලින් හා දිගින් සෙ.මී. අටක් පමණ වේ. මල් කහ පාටින් යුක්ත වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර

සටහන එස්.එස්.එස්. ප්‍රනාන්දු

 



subasetha

Comments