සියතින්ම ආහාර ගැනීමේ වටිනාකම

ජුනි 28, 2019

ඉංග්‍රීසි ඌරුවට ඇවතුම් පැවතුම් සකසා ගැනීමට අප වැඩි දෙනෙක් කැමැතියි. එහෙත් ඇතැම් ඇවතුම් අපට හිතකර වනවාට වඩා අහිතකරය. දෑතේ තැන හැඳි ගෑරුප්පුවලට දීම එවන් එක් අහිතකර හුරුවීමකි. ආයුර්වේදයට අනුව පමණක් නොව අතීත ග්‍රීක, ඊජිප්තු වැසියන් ද ආහාර ගැනීමට භාවිත කළේ තම හස්තයයි.

අතේ ඇඟිලි පහෙන් පංච මහා භූතයන් ද නියෝජනය වෙයි. සුලැඟිල්ල ජලය ද, වෙදැඟිල්ල පෘථිවිය ද, මැදැඟිල්ල අවකාශය ද, දබරැඟිල්ල වාතය ද, මාපට ඇඟිල්ල ගින්දර ද සංකේතවත් කරයි.

මේ පංච මහා භූතයන්ගේ බලයෙන් යුතු අතින් ආහාර ගැනීමෙන් මොනතරම් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි ද? ආයුර්වේදයට අනුව ඇඟිලි තුඩුවල ස්නායු අන්ත ජීර්ණය උත්තේජනය කරයි. එලෙසම ආහාරයෙහි රස, සුවඳ, ගුණය හොඳින් විඳින්නට නම් අතින්ම ආහාර ගත යුතුයි.

* අතින් ආහාර ගැනීම මඟින් රුධිර සංසරණය වැඩි දියුණු වෙයි. රුධිරය අඩුත් නැති වැඩිත් නැති වේගයකින් සංසරණය වෙයි.

ආහාර ජීර්ණයට උත්තේජකයකි

අපේ දෑත්, මුව, උගුර, බඩවැල්, ආමාශය යන තැන්වල ඇති හිතකර බැක්ටීරියා පරිසරයේ අහිතකර බැක්ටීරියාවලින් අප රැක ගනී. අතින් ආහාර ගන්නා විට හානිකර බැක්ටීරියාවලින් ජීර්ණ පද්ධතිය සුරැකෙයි. එමෙන්ම ජීර්ණ පද්ධතිය ද උත්තේජනය වෙයි. එහෙත් මෙයින් කෑමට පෙර සහ පසු දෑත් නොසේදිය යුතු බවක් අදහස් නොවන බව මතක තබා ගන්න.

බර අඩු කිරීමේ මඟක්

අතින් ආහාර ගැනීමේදී ඉක්මනින් කුස පිරුන බවට හැඟීමක් ඇති වෙන නිසා පමණට වඩා ආහාර ගැනීමක් සිදු වන්නේ නැත. මේ නිසා කිලෝග්‍රෑම් ගණනකින් බර අඩුකර ගැනීමට එය ආධාර වෙයි.

දියවැඩියාව වළක්වා ගත හැකියි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඉන්දියානු ආයුර්වේද

උපදෙස් ඇසුරිනි

- චම්පිකා දීපානි රණසිංහ

 

 



subasetha

Comments