පංච කර්ම ප්‍රතිකාරයේ තවත් එක් ප්‍රතිකාර අවස්ථාවක් ...

ජුනි 7, 2019


පංච කර්ම චිකිත්සාවේ ශෝධන උපක්‍රමයක් ලෙස භාවිතා කරන වමන කර්ම ප්‍රතිකාරය ඌර්ධව භාග ශෝධන, වමන යන යෙදුම්වලින්ද හඳුන්වනු ලබයි.

ශරීරයේ ඉහළ කොටසේ පවතින දෝෂ ඉවත් කිරීම සඳහා වමන කර්මය සිදුකරන අතර ‘තත්‍ර දෝෂ හරණම් ඌර්ධව භාග වමන සංඥකම්’ යනුවෙන් නිරුක්ති යෙදේ. ශරිරයේ ඌර්ධව කොටසේ ඇති දෝෂ කඵ දෝෂ මුඛයෙන් ඉවත් කිරීම මෙයින් සිදුවේ. මෙම ප්‍රතිකාරයේ දී ද පූර්ව කරර්ම ලෙස ස්නේහ, ස්වේද, ප්‍රතිකාර කරනු ලැබේ.

පූර්ව කර්ම ලෙස ආමතත්වයට සුදුසු දීපන පාචන ක්‍රම අනුගමනය කරන අතර අභ්‍යන්තර ස්නේහ කර්ම ස්වේද කර්ම ද සිදු කරනු ලැබේ. වමන කර්මය සිදු කිරීමට දින කීපයකට පෙර සිට සුදුසු ස්නේහ පාන දී වාෂ්ප ස්වේද සිදුකළ යුතු ය. ප්‍රතිකාරයට පෙර දින රාත්‍රියේ ආහාර වශයෙන් තෝරමාලු, මී කිරි වැනි කඵ වෘද්ධිකර ආහාර දිය යුතු ය.

පසුදින උදෑසන රෝගියා මල මුත්‍ර ඉවත්කිරීමෙන් පසුව හොඳින් පිරිසුදු වී අවශ්‍ය නම් සුවඳ විලවුන් ගල්වා සුවඳ මලින් සරසා (රෝගියාගේ සිත සන්සුන් කරවීම පිණිස) ප්‍රධාන කර්මය සඳහා සුදානම් කරවිය යුතු ය. පළමුවෙන්ම වෛද්‍යවරයා විසින් රෝගියාගේ සම්පූර්ණ දේහ පරීක්ෂාවක් (රුධිර පීඩනය, නාඩි, පෙනහලු ක්‍රියාකාරීත්වය, මල මුත්‍ර වේග, හෘද සිදුකරනු ඇත.

උතුරුවා නිවා ගත් එළකිරි මිලි ලීටර් 250 ක් පමණ හෝ ගිතෙල් ස්වල්පයක් පානය කිරීමට දිය යුත්තේ ඉන් අනතුරුවයි. කිරි පානයෙන් විනාඩි 10 කට පමණ පසුව ස්නිග්ධ ස්වේද කිරීම කරනු ලබයි. පසුව අඟල් 10 - 12 ක් පමණ පළල කපු රෙද්දකින් සම්පූර්ණ උදරයම වෙලිය යුතු ය.

මෙමගින් රෝගියාට වමනය කරවීමට උත්තේජනයක් ඇති කරවීම කරයි. ඇඳි පුටුවක නැගෙනහිරට මුහුණලා රෝගියා වාඩි කරවීමෙන් පසුව රෝගියාගේ පසෙකින් ඔහුට ගැනීමට පහසුවන පරිදි කුඩා මේසයක් මත වතුර කෝප්පයක් හා තුවායක් තැබිය යුතු ය. (අවශ්‍ය විටක කට සේදීමට හා පිසදා ගැනීමට හැකිවන ලෙස) එමෙන්ම රෝගියාගේ ඉදිරිපසින් වමන භාජනය තැබීම කළ යුතු ය.එම භාජනයද මේසයක් මත තැබිය යුත්තේ රෝගියාට ඉදිරියට නැඹුරු වී පහසු ඉරියව්වකින් වමනය කිරීම සඳහා පළමුවෙන් රෝගියාගේ උදරය පිරී ඉතිරී යනතුරු දියර පානයක් කරනු ලැබේ. මෙය බොහෝ විට උක් යුෂ හෝ එළු සුප් වලින් යුක්ත වන අතර අවම වශයෙන් ලීටර් 2 කට ආසන්න ප්‍රමාණයක් දිය යුතු ය. මෙම ප්‍රමාණය නිසියාකාරව මිනුම් භාජනයකින් මැන දිය යුතු ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය
ප්‍රදීප් රණවීර

(සර්වාංග) මනෝ චිකිත්සක, ස්වාපනවේදී, ඡ්‍යොතීර්වේදී, චීන කටු චිකිත්සක

සුරේඛා සංජීවනී

 



subasetha

Comments