ශ්වේත ප්‍රදරය නම් කාන්තා රෝගය

ජුනි 28, 2019

ප්‍රතිකාර කිරීමේදී කුමන හේතුවක් නිසා හෝ මෙම රෝගය ඇතිවූවාද යන්න ගැන විමසා බලා ප්‍රතිකාර කළ යුතුයි. මෙසේ රෝග නිදානය බලා එයට ප්‍රතිකාර යෙදීමෙන් රෝගියාට ක්‍රම ක්‍රමයෙන් සුවය ලබාගැනීමට හැකිවේ. එමෙන්ම රෝග නිදාන හේතුන් අත්හැරීමටද රෝගියාට උපදෙස් දිය යුතු වේ.

ඇඟ උණුකරවා යාම, ශ්වේද ප්‍රදරය, සුද යාම යනුවෙන් හඳුන්වන්නේ එකම රෝගයකි. මෙම රෝගයට වැඩිදුර ගොදුරු වන්නේ කාන්තාවන් ය. මෙම රෝගයට ගොදුරු වූ කාන්තාවන්ගේ යෝනි මගින් සුදු පාට ද්‍රව කොටසක් මෙන් දියරයක් වැගිරෙයි. මෙය කල්ගතවන විට දුඹුරුපාටට හෝ කහපාටට වෙනස් වේ. වේදනාවක් දුර්ගන්ධයක් ඇතිවන්නේ නැත. එහෙත් කල්ගතවන විට සිරුර කෙට්ටු වී අවලක්ෂණ වීමද ඇතිවේ.

මෙම ස්‍රාවය පිටවීමද වෙනස් ලෙස සිදුවේ. සමහර කාන්තාවන්ට මෙය පිටවනුයේ ඉඹුල් මැලියම් හෝ කැඳ වතුර මෙනි. තවත් සමහර කාන්තාවන්ගේ යෝනි මගින් පිටවන මෙම ස්‍රාවය ඝනව කහ පාටට හෝ සුදු පාටින් යුතු ගඳ ස්‍රාවයක් ලෙස පිටවේ.

කල්යත්ම මෙවැනි රෝගින්ට වරින් වර උණ ඇතිවීම තුනටියේ හා ඉකිළිවල වේදනාව සහ කැසීම හටගනී. මේ කැසීම නිසා ඇතිවන තුවාල පැසවීමත් සමඟ ඇතිවන දැවිල්ල හා වේදනාව ඉවසාගත නොහැකිවේ.

පසුව මේ රෝගයට ගොදුරු වී සිටින කාන්තාවන් තමන්ට ඇතිවී තිබෙන්නේ සමාජ රෝගයක්ද කියා බියවන අවස්ථාද ඇත. එපමණක් නොව මෙවැනි රෝගයක් වෛද්‍යවරයෙකුට කෙසේ පවසම්ද යන ලැජ්ජාව නිසාත් රෝගය යටපත් කරගෙන සිටීමට උත්සාහ ගනී. මෙයින් සිදුවන්නේ ඇගේ රෝග තත්වය දිනෙන් දින උත්සන්න වීමයි.

ක්ලාන්තය , කුසගිනි නැතිබව, ගත් ආහාර නොදිරවීම ,බඩ පුරවා දැමීම, වියලි බව, පපුවේ ගැස්ම, ඇසිපිය යට කළුවීම, අත් හා මුළු ශරීරය හිරිවැටීයාම, පෙනීම දුර්වල වීම , යටිබඩ කොරවීම ,හතිය , අකලට දත් සෙලවීම, විදුරුමස් දියවීම, ධාරණ ශක්තිය හා ස්මෘතිය දුර්වල වීමද ඇතිවේ. අවසානයේ තමාගේ නොසැලකිලිමත්කම නිසා මරණයට ගොදුරුවන අවස්ථාද ඇත.

ප්‍රතිකාර කිරීමේදී කුමන හේතුවක් නිසා හෝ මෙම රෝගය ඇතිවූවාද යන්න ගැන විමසා බලා ප්‍රතිකාර කළ යුතුයි. මෙසේ රෝග නිදානය බලා එයට ප්‍රතිකාර යෙදීමෙන් රෝගියාට ක්‍රම ක්‍රමයෙන් සුවය ලබාගැනීමට හැකිවේ. එමෙන්ම රෝග නිදාන හේතුන් අත්හැරීමටද රෝගියාට උපදෙස් දිය යුතු වේ.

රෝගියා දිරවීමේ පහසුකම් ඇති පෝෂ්‍යජනක ආහාර ලබාගැනීමද වැදගත්ය. දිනපතා උදේට කොළ කැඳ වර්ගයක් පානයකිරීම, පලාවර්ගයක් සෑම ආහාර වේලකටම එක්කර ගැනීම, පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීම, දිනපතා ශරීරය හොඳින් පිරිසුදු කර ගැනීම, සෑම කාර්යක්ම යහපත් මනසකින් යුක්තව කිරීම ප්‍රකෝපකාරි වෛරී සිතුවිලිවලින් ඈත්ව ආගමට, දහමට ලැදිව කටයුතු කිරීම. ගිනියම් ආහාර පානවලින් වැළකී සිටීම සමඟම වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය නිට්ටාවට සුවකර ගත හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හොරණ අරමනාගොල්ල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය

ජී.ඩී.බී.පී. මැණිකේ

 



subasetha

Comments