ශරීරයට ඉහළ ප්‍රතිශක්තියක් උදාකර දෙන පැපොල්

ජුනි 7, 2019

ගස්ලබු පැපොල් වර්ග කීපයක් ඇති අතර මදය රතු පාට පැපොල්,, කහපාට පැපොල්, රෝස පාට පැපොල් හා දෙමුහුන් පැපොල් වශයෙන් කීපයක් ඇත.

මෙම ගස්ලබු අතර වැඩි ප්‍රතිශක්තිකරණයක් ඇති පැපොල් වශයෙන් රෙඩ් පැපොල් හෙවත් මදය රතු ගස්ලබු ගුණයක් ලබාදෙයි. අනිකුත් පැපොල්වලද ගුණයක් ඇත. මීට අමතරව සිංහල ගස්ලබු , තායි ගස්ලබු ,පකිස්තාන් ගස්ලබු වශයෙන් නම්කර ඇති ගස්ලබු වෙළඳපොළේ ඇත. එයට හේතුව බීජ එම රටවලින් අප රට තුළ වගා කිරීම නිසා එම බීජ ආනයනය කළ රටේ නමින් හඳුන්වයි. මෙහිදී සිංහල පැපොල් ලෙස හඳුන්වන්නේ ඉතා උසට වැඩෙන ගෙඩි ගහ වටේටම පිරිලා හැදෙන පුරාණයේ සිට පැවත එන ගස් ලබුයි. මෙම ගස් අඩි තිහක්, හතළිහක් පමණ උසට වැඩේ. ගෙඩි හටගැනීමත් සමඟ උසට වැඩීම ඉක්මන් වේ. ගසට රෝග සෑදීම සුළු වශයෙන් හටගනී. ඵලදාවේ වෙනසක් ඇති නොවේ. වසර දහයකටත් වැඩි කාලයක් සිංහල ගස්ලබු ගසක් ගෙඩි ලබාදෙමින් වර්ධනය වේ.

රටවලින් ගෙන්වන ලද ගස්ලබු වර්ග වසර තුනක් පහක් පමණ කාලයක් නිරෝගිව පවතින අතර ඉන්පසුව රෝගවලින් ගහ විනාශ වේ. වගාවක් වශයෙන් කිරීමට අප රටට ගෙන්වන ලද බීජ ඇට වැදගත් වන අතර ඉක්මනින් ගෙඩි හටගැනීමද වේ. නමුත් සිංහල ගස්ලබු ගෙඩි හටගැනීමට වැඩි කාලයක් ගත වෙයි. එනිසා වගාකරුවන් සිංහල ගස්ලබු වගාවක් වශයෙන් කරන්නේ නැත. මේවන විට අපේ පැරණි ගස්ලබු තාමත් ග්‍රාමීය ප්‍රදේශවල සොයාගැනීමට ඇත. නාගරික ප්‍රදේශවල ආනයනය කර සාදන ගස්වලින් ලබාගත් ගස්ලබු වේ.

මෙම පැපොල්වලට සිංහල ගස්ලබු ගුණාත්මක භාවයෙන් ඉතාම ඉහළින් ඇත. බෝ කර ගැනීමට අධික ශීත ප්‍රදේශවල හැර වියළි කලාප හා සමබර කලාප තුළ ඉතාම හොඳින් වගාකරගත හැකිය. මෙම පැපොල් ගුණයෙන් හා රසයෙන් හොඳ මට්ටමක පවතින අතර වසවිස නැති පලතුරක් ලෙස හඳුන්වාදීමට හැකිවර්ග කිරීමේදී වැල හා වරකා ලෙස හඳුන්වයි. මෙහිදී වැල ගස් ලබු දියර ගතියෙන් වැඩි රසයෙන් අඩු ගතියක් ඇත. රෝගීන් සඳහා දීමට සුදුසුතාවයක් වැල ගස්ලබු තුළ නැත. වරකා ගස්ලබු වශයෙන් හඳුන්වන තරමක පොත්ත හයිය මද ශක්තිමත්භාවයක් ඇති මෙහි ගුණාත්මකභාවය වැල ගස්ලබුවලට වඩා ඉහළතාවයක් හිමිවේ.

පැපොල්වලින් ඖෂධ සාදාගත හැකි අතර එම අමු ගස්ලබු හා ඉදුණු පැපොල් වෙන වෙනම භාවිතයට ගනී. විශේෂයෙන් දියවැඩියා රෝගයට හා කොලෙස්ටරෝල් රෝගයට ගස්ලබුවලින් රෝග පාලනය කරගත හැකිතාවයක් ඇත. ඒවගේම හොඳටම ඉදුණු පැපොල් දියවැඩියා රෝගීන්ට අහිතකර වේ.

ගස්ලබු ප්‍රයෝජනට ගෙන රෝග කීපයක් නිවාරණය කරගන්නා අයුරු

දියවැඩියා සහිත අයගේ තුවාලවල කොස්ස ඉවත් කිරීමට ගැට ගස්ලබු පිරිසිදු රෙදි කැබැල්ලක හොඳට ගාලා රාත්‍රී කාලයේ තුවාලයට බැඳීම මගින් කොස්ස ඉවත් වී තුවාලය ශුද්ධ වේ. මෙම ක්‍රමය මේවන විට සමහර බටහිර වෛද්‍ය පිරිස් ද භාවිතා කරයි. අපේ පාරම්පරික ගස්ලබු කිරි ඖෂධයක් වශයෙන් භාවිතා කළ අතර එය අද බටහිර වෙදකම දක්වා වර්ධනය වී ඇත.

කොලෙස්ටරෝල් සඳහා පැපොල් ප්‍රයෝජනයට ගන්නා අයුරු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

දේශීය පාරම්පරික වෛද්‍ය
දේශබන්ධු
ඩී.පී.ඒ.පාලින්ද

 

 



subasetha

Comments