කුෂ්ඨ රෝග සඳහා පිළියම්

ජුනි 7, 2019


1.කරඤ්ජාභය සිද්ධත්ථ නිසාවග්ගුම සින්ධවං විලංග සහිතං පිට්ඨ මුත්ත ලෙපෙන කුට්ඨජි

මඟුල් කරඳ පොතු, අරළු, අබ පියලි, කසා, බෝ ඇට, සවින්ධ ලුණු, වළඟසාල් එක පමණ ගෙන ගෝමුත්‍රයෙන් අඹරා ගාන්න.

2.කුට්ඨ සිද්ධව සිද්ධත්ථ විලංගා ලගජා සමාද්දා මඩලකුට්ඨාරි ලෙපනෙන සකඤ්ජිකා.

කොට්ටං, සවින්ධව, අබ, වළඟසාල්, තෝර ඇට එක පමණ ගෙන කාඩියෙන් අඹරා ගන්න.

3. තිලාජ්ජ තිඵලා බුද්ද ව්‍යො සහල්ලාභ සක්ඛරා වස්සාසත්ත සමාවජ්ඣා කුට්ඨාරිකාමවාරිනො

තල ඇට, තිපල්, නිකුළු හා බදුල් ඇට එක පමණ ගෙන සීනි, මී පැණි, ගිතෙල් එක පමණ ගෙන යොදා වළඳන්න.

4. ගුලොචි තිඵලා දබ්බි කාථමුත්තුණ්හ වාරිනි පීතොගුග්ගුලුමාසෙන තචදොසාරි සොඵජි, රසකිඳ වැල්, තිපල්, වෙනිවැල් යන මින් කලං දෙකයි මංචාඩි අට බැගින් ගෙන කෂාය කකාර දෙන්න.

5. බාකුචී චුණ්ණසංයුත්තං දධිජං නවනීතකං ලිහිත්වා සමධුංතක්කං තම්පිචෙ කුට්ඨ සන්තියා

බෝබු ඇට චූර්ණය, එළ එඬරු, මී පැණි දෙකින් අනා ලේහ කරන්න. නො එසේ නම් බෝධි ඇට චූර්ණය වෙඬරු මී පැණි දෙකෙන් අනා වළඳන්න. එළ මෝරු ප්‍රතිවාප වේ.

6. විහඟං නිඵලාකුඪ චුණ්ණං ලෙහං සමක්ඛිතං

(පඤ්චමූල පරිවේණාධිපති මංගල සංඝරාජමාහමියන් විසින් රචිත සෝසජ්ජ මඤ්ජුසා වෛද්‍ය ග්‍රන්ථයට විලේගොඩ ධම්මානන්ද මාහිමි විසින් ලියූ සන්නස ඇසුරිනි.)

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කලාභූෂණ, ශාසන දීපන,
සාහිත්‍ය කීර්ති, ආචාර්ය
සිරිපාල මාදුවගේ

 

 



subasetha

Comments