රස ගුණ සපිරි අගනා ඖෂධාහාරයක් බණ්ඩක්කා

ජුනි 28, 2019


ශරීරයේ බලය, ශක්තිය සහ වර්ධනය සඳහා අත්‍යවශ්‍යම සාධකය වනුයේ සමතුලිත ආහාර වේලකි. බාල, තරුණ, මහළු සියළු දෙනාගේම ජීවිතය නිරෝගිව පවත්වා ගෙන යාම සඳහා සමතුලිත ආහාර වේලක් අතිශයින්ම වැදගත් වේ.

මෙම සමතුලිත ආහාර වේලක අඩංගු විය යුතු අංග අතුරින් එළවළු සඳහා ලැබෙනුයේ ප්‍රධාන ස්ථානයකි. මෙසේ ගනු ලබන එළවළු අතර ශරීරයට හිතකර රසයෙන් හා ගුණයෙන් සපිරුණු එළවළුවක් ලෙස බණ්ඩක්කා හැඳීන්විය හැකිය. අතීතයේ අපගේ හෙළ බොජුනේ අනිවාර්ය ව්‍යංජනයක් වූ බණ්ඩක්කා වර්තමානයේ දී බොහෝ දෙනා ප්‍රිය කරන එළවළුවක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ උඩරට තෙත් කලාපය හැර අනෙක් ඕනෑම දේශගුණික කලාපයක වගා කළහැකි එලවළු වර්ගයකි. ඉතා පහසුවෙන් වගා කිරීමට හැකිවීමත් වසර පුරාම අස්වනු ලබා දීමට ඇති හැකියාවත් නිසා බොහෝ එළවළු ගොවීන් අතර බණ්ඩක්කා වගාව ප්‍රචලිත වී ඇත. දැනට හම්බන්තොට, කුරුණෑගල, රත්නපුර හා මාතලේ දිස්ත්‍රික්ක වල ඉතා සාර්ථකව වගා කෙරෙන අතර අනුරාධපුරය, පුත්තලම, මාතර, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලද දැනට ව්‍යාප්ත වෙමින් පවතී.

තවද, ඉන්දියාව, චීනය ආදි රටවලද බහුල වශයෙන් බණ්ඩක්කා වවනු ලබන අතර ඝර්ම කලාපීය ප්‍රදේශ වල ඉතා හොඳීන් වැවේ.

බණ්ඩක්කා වල ප්‍රධාන වශයෙන් ආහාරයට ගනු ලබන්නේ ළපටි කරල් වන අතර ඉන්දියාව, අප්‍රිකාව වැනි රටවල බණ්ඩක්කා කොළද ජනප්‍රිය එළවළුවක් ලෙස ආහාරයට ගනු ලබයි.

තවද, විවිධ ආකාරයට ආහාර සකස් කර ගැනීමට හැකි වීමත් මෙහි පෝෂණ ගුණයත් නිසා පාරිභෝගික ජනතාව අතර බණ්ඩක්කා වලට හොඳ ඉල්ළුමක් පවති. සෙම් රෝගීන්ට අගුණ යැයි සලකා සමහර අය බණ්ඩක්කා කෑමට බිය වුවත් ආය කාගේත් එදිනෙදා ආහාර වේලට බතට ගැලපෙන දරුණු පිත් රෝග නසන කට දිව සනහා රස නහර පිනා යන අගනා දේශීය එළවළුවක් ලෙස බණ්ඩක්කා වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.

බණ්ඩක්කා පිළිබඳව විවිධ භාෂා වලින් හඳුන්වන නම් :

පොදු සිංහල නාමය : බණ්ඩක්කා වන අතර,

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

 



subasetha

Comments