සතුට රඳවාගන්න සිතුවිලි බලවත් කරගන්න

ජුනි 7, 2019


ඔබට පමණක් නොව මේ සමාජයේ සෑම කෙනෙකුටම කුමක් හෝ දුකක් කරදරයක් ඇත. නමුත් ඒ ගැනම නොසිතා වැඩකරන පුද්ගලයන් අද ඉතා උසස් තත්ත්වයන්ට පැමිණ ඇත. ඔබට මෙන්ම මෙය ලියන මට ද දුක් වීමට කාරණා එමටය. නමුත් ඒ අතරින් අප සොයාගත යුත්තේ අපට සතුටුවීමට ඇති කරුණුයි.

ඔබ සතුටට පත් කරන්නේ කුමක්ද?

ආගමික ශාස්තෘවරුන්, මානසික වෛද්‍යවරුන්, පර්යේෂකයන් (අඥඵඥචපජඩඥපඵ) සතුට පිළිබඳව හදාරන සොයා බලන පුද්ගලයන් මෙය ඉතා හොඳින් විස්තර කර ඇත.

සමහර අවස්ථාවලදී ඔබ සතුටට පත්වේ යයි සිතන දේ තුළින් ඔබ සිතූ තරම්ම සතුටක් ඔබට නොලැබීමට පුළුවන. නමුත් සතුටට අදාළ පරීක්ෂණ සියල්ලෙහි අවසන් නිගමනය වන්නේ සතුට යනු අප සිතෙන් ඇති කරගන්නා දෙයක් බවත් එය අපගේ තීරණයක් බවත්ය.

“ධනාත්මක සිතුවිලිවල බලය” යන්න බොහෝ ප්‍රචලිත සංකල්පයකි. ධනාත්මක සිතුවිලිවල ඇති ශක්තිය පිළිබඳව විවිධ පර්යේෂණ, දේශන සහ පොත්පත් බහුලව තිබුනද තමාගේ සිතේ තිබෙන ශක්තිය හඳුනා ගෙන එයින් ප්‍රයෝජන ගන්නේ අතළොස්සකි. ධනාත්මක සිතුවිලි ඇතිකර ගැනීම සඳහා පුද්ගලයෙකුගේ මනසේ සිතුවිලි බලවත් කර ගැනීමට මනස පුරුදු පුහුණු කිරීම එක්වර කළ හැකි කාර්යයක්ද නොවේ.

ධනාත්මක ප්‍රතිඥාවක් සමඟින් දවස ආරම්භ කරන්න

ඔබ දවස ආරම්භ කිරීමට පටන් ගන්නා ආකාරය අනුව ඔබේ මුළු දවසම ගත වේ. ප්‍රමාදවී අවදි වීම. අකමැත්තෙන් අවදි වීම ආදි දේවල් සමඟ දිනය පටන් ගත් විට ඒ දිනයම ඔබට ගෙවා දමන්ට සිදු වන්නේ නීරස දිනයක් ලෙසිනි. එවැනි ඍණාත්මක අදහස්වලින් අලුත් දිනය නරක දිනයක් කර ගැනීම වෙනුවට ධනාත්මක ප්‍රතිඥාවකින් දිනය ආරම්භ කිරීමට හුරු වන්න. උදෑසන අවදි වූ විට කැඩපත ඉදිරියට ගොස් “අද හොඳ දවසක් වෙයි...අද මට හොඳ දෙයක් සිද්ධ වෙයි” වැනි යහපත් සිතුවිලි ඔබේ මනසට ඇතුල් කරන්න. එවැනි ධනාත්මක ප්‍රතිඥාවකින් දිනය ආරම්භ කර බලන්න. මෙම සිතුවිල්ල කොතරම් සත්‍යයක්ද කියා.

ධනාත්මක සිතුවිලිවලින් තමාට ආමන්ත්‍රණය කරන්න.

යම් ගැටලුවක් පැන නැගුණ විට සිතින් තමා සමඟම සන්නිවේදනයේ යෙදීම අප විසින් සිදු කරන දෙයකි. එවැනි විටෙක “මට ඒ ගැටලුවට විසඳුමක් නෑ...මට ඒකට මුහුණ දෙන්න බෑ” යනුවෙන් සිතීමට වඩා “මට නරක දෙයක් සිදු වුණා තමයි. ඒත් ඒකට වඩා හොඳ විසඳුමක් ලැබෙයි” යනුවෙන් ධනාත්මක ආකල්ප ඔබට ඔබේ මනසට ඇතුළු කිරීමට හැකි නම් ඔබව ශක්තිමත් වේ. ගැටලුවකදී ධනාත්මක සිතුවිලිවල යහපත් බලපෑම එකවර දැකගත නොහැකි වූවත් නිතර නිතර ධනාත්මක සිතුවිලි පුරුදු කිරීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලැබේ.

ප්‍රමාදයත් වාසියට හරවාගන්න

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

රඹුක්කන
කීර්ති එස්. කුමාර

 

 



subasetha

Comments