පෝෂණ ගුණයෙන් පිරිපුන් කැකිරි

ජුනි 21, 2019

අප විසින් එදිනෙදා ආහාර සඳහා ගනු ලබන එළවළු වර්ග අතුරින් ජලීය පදාර්ථ අධික එළවළු වර්ගයක් වශයෙන් කැකිරි හැඳීන්විය හැකිය. දේශීය පලා, එළවළු අතර ගත් කල ඉතා පහසුවෙන් සපයාගත හැකි එසේම බොහෝ දෙනා ප්‍රිය කරන වර්ගයක් වශයෙන් කැකිරි හැඳීන්විය හැක.

කැකිරි වැවෙන ප්‍රදේශ

* විදේශීය වශයෙන් හිමාල කඳු වැටි අසල සහ කුමාඕන් සිට සීකිම් දක්වා පැතිරී පවතී. තවද, මුළු භාරතයේම උෂ්ණ ප්‍රදේශ වල බහුල වශයෙන් දක්නට ලැබේ.

* දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ අධික ශීතනොවූ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර, වියළි කලාපයේ බහුල ලෙස දැකිය හැක. විශේෂයෙන් වියළි කලාපයේ හේන්වල බහුලව වැවේ.

කැකිරි වල ස්වරූපය

කැකිරි ආධාරකයක් දිගේ උසට නගින හෝ බිම දිගේ දුවන අඩි 8 - 10 ක් පමණ දිග වාර්ෂික ශාක වේ. මෙහි කඳ කුහර සහිතය. කඳන් වල සහ පත්‍රවල රළු බූව ඇත. පත්‍ර විශාලය. ඒවා ස්කාන්තරව පවතී. කැකිරි වල මල් තැඹිලි පාටට හුරු කහ පාටය. මෙහි හට ගනු ලබන ගෙඩි එකම බරින් හෝ එකම වර්ගයකින් යුතු නොවේ. තැඹිලි පැහැ, දුඹුරු පැහැ, රෝස පැහැ, ලා කොළ පැහැ, තද කොළ පැහැ, ආදී වශයෙන් විවිධ වර්ණ වලින් යුතුය. එහෙත් කැකිරි ගෙඩි වල යටි පැත්තේ බෙදී විහිදී ගිය රේඛාවන් කිහිපයක්ම තිබීම පොදු ලක්ෂණයකි.

කැකිරි සඳහා විවිධ භාෂා වලින් හඳුන්වන නාම

* පොදු සිංහල නාමය : කැකිරි වන අතර,

* සංස්කෘත බසින් : කර්කටී ඒර්වාරු, උර්වාරු, වෘහත්ඵලා, ලෝමශි, කංකට් ඵල වැනි නාමයන් රාශියකි.

* හින්දි බසින් : කක්රි වන අතර,

* වංග බසින් : කෘංකුර් සහ කෘක්රි යන නාම යෙදේ.

* දෙමළ බසින් : වේලපලම්, කක්කෘරි යන නාම යෙදේ

* ඉංග්‍රීසි බසින් : ඛ්භජභථඡඥප නම් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

 



subasetha

Comments