වැඩි පුරසාරමත් හිතේ ලෙඩක්

ජුනි 28, 2019

නිශා දිනෙන් දින වයසට වඩා වියපත් වන්නීය. දැන් ඇයගේ හිසේ සුදු කෙස් මතු වන්නට පටන් ගෙන ඇත. ගත ද තැනින් තැන මස් ගොබ මතු වී ඉණක් බඩක් සොයා ගත නොහැකි තරම් විකෘති වී ඇත. ඇයගේ සිතට ගැළපෙන මනමාලයකු සෙවූ නෑයන් බොහෝ දෙනෙක් දැන් ඒ අදහස අත්හැර අවසන්ය.

මාපියන්ට නිශාට මනමාලයකු සොයන්නේ ඇයට වයස විසි දෙකේ තුනේ සිටය. එහෙත් තිස් හත් හැවිරිදි වනතුරුත් නිශාට ගැළපෙන මනමාලයකු නම් සොයා ගැනීමට නොහැකි විය. නිශාගේ පියා විශ්‍රාම ගිය පසු වැඩි මුදලක් වැය කළේ දියණිය බැලීමට පැමිණෙන මනාලයන්ට සංග්‍රහ කිරීමටය.

නිශා උපදින විටම විජේතිලක පවුල මධ්‍යම පන්තියේ පහළ පාන්තික තත්ත්වයට පත් වී අවසන්ය. එනිසා නිශාට රිදී හැන්දක් තබා තඹ හැන්දක්වත් මාපියන් කටේ තැබුවේ අසීරුවෙනි. එසේ වුව ද නිශා නම් සෑම විටම පුරසාරම් දෙඩුවේ රන් හැන්දක් මුවේ තබාගෙන උපන් අයකු විලසිනි.

පාසල් යද්දී ඇය මිතුරියන්ට ද කළේ තමන්ට නැති දේ ඇති හැටියට මවාපෑමයි. මාපියන්ට අත්‍යාවශ්‍ය බව පවසමින් ඇය ඉහළ මිලින් යුත් පොත්පත් ගෙන්වා ගත්තේය. ඒ සගයන්ට පෙන්වීමටයි. කිසිදු විභාගයක් අපහසු යැයි ඇය කෙදිනක හෝ පවසා නැත. ප්‍රතිඵල පැමිණි විට නිශාගේ පුරසාරම පුස්සක් බවට පත් වෙයි. ඇය අ. පො. ස. සාමාන්‍ය පෙළ පවා සමත් වූයේ අසීරුවෙනි. නිශා කෙතරම් අතිරේක පන්ති යැව්ව ද උසස් පෙළ සමත්වීමට හැකියාවක් ලැබුණේම නැත. නිශා තෙවරක් විභාගයට පෙනී සිටිය ද සමත් නොවූවාය. මාපියන්ට ඇය පැවසුවේ තමන් ඉතා හොඳින් පිළිතුරු සැපයූ බවය. අසරණ මාපියන් ද ඇය විශ්වාස කළේය.

ඇය එතරම් ප්‍රියමනාප රුවකට හිමිකම් නොකී නිසා මාපියන් ඊළඟට උත්සාහ කළේ නිශාට විවාහයක් කරදීමටයි. එහෙත් ඔවුන් කැමැති කිසිදු තරුණයකුට ඇය මනාපය ලබා නොදුන්නාය. උස, මහත, රැකියාව, කුලය, ධනය, බලය ආදී කුමන හෝ කරුණක් සම්බන්ධ හේතුවක් කියා ඇය ඒ සියලු තරුණයන් ප්‍රතික්ෂේප කළාය.

නිශා පෙළපත ගැන අභිමානයෙන් පසුවන්නේ වයස අවුරුදු එකොළහක් දොළහක් තරම් වූ ළාබාල අවධියේ සිටය. ‘අපි නිකං සිරිවර්ධන නෙවෙයි. අබේසිරිවර්ධනලා’. ඇය පෙළපතින් උරුම වාසගම ගැන පාරම්බාද්දී මිතුරු මිතුරියෝ අවඥාවෙන් සිනාසුණහ. මනාලයන් තේරීමේදීත් ඇය ඔහුගේ පෙළපතට වැඩි ලකුණු ප්‍රමාණයක් දුන්නාය. මනාලයාගේ පෙළපත ගැළපෙන විට ඔහුගේ අන් කුමන හෝ අංශයක අඩුවක් දුටුවාය. ඒ අධි මාන්නය නිසාය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් :–
වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති

 

 



subasetha

Comments