ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන් ප්‍රයෝජනවත් “මිරිස්”

මැයි 17, 2019

 

වර්තමානයේ ජීවත්වන ඔබ අප සියලු දෙනාටම ජීවිතය පවත්වාගෙන යාමට මූලිකවන කරුණු අතර වාතය, ජලය සහ ආහාර ප්‍රධාන වේ.

මෙයින් ආහාර ගැන සැලකීමේ දී ධාන්‍ය වර්ග, අල වර්ග, එළවළු වර්ග, පලා වර්ග, මස් මාංශ ආදිය ප්‍රධාන වේ. මේවායෙන් ආහාර සැකසීමේදී නැතිවම බැරි ද්‍රව්‍යයක් ලෙස මිරිස් හැඳින්විය හැකිය.

ආහාර රුචිය උපදවන, අජීර්ණ රෝග සුව කරන, සෙම් නසන, පණු රෝග, මේද්‍ය රෝග ආදිය සමනය කරන රෝගාබාධ රැසකගෙ සමන කාරකයක් වන මිරිස් මිනිසාට නැතිවම බැරි ආහාර භෝගයකි. මුළුතැන්ගෙයි සකස් කරන ආහාර රස ගන්වන රස කාරකයන් අතර ප්‍රධාන තැන හිමිවන්නේ මිරිස් වලටයි.

ඉතා ඈත අතීතයේ පටන් මිරිස් ආහාරවලට නැතිවම බැරි අංගයක්ව තිබූ බව හඳුනාගෙන ඇත. රාම රාවණ යුගයේදී පවා මිනිසුන්ගේ ආහාර රසවත් කිරීමට මිරිස් එකතු කර ගෙන ඇති බව සනාථ වේ.

ගම්බද සෑම ගෙදරකම පාහේ මිරිස් ගසක් දෙකක් වවාගෙන තිබූ අතර වර්තමානයේ ද එසේ තිබෙනු දැකිය හැකිය. එසේම සමහර කැළෑබද ප්‍රදේශවල ඉබේටම හටගෙන වැඩුණු මිරිස් ගස් දැකිය හැකිය. සමහර කුරුල්ලන් ඉදුණු මිරිස් කරල් කා තැන් තැන් වල පැහැරීමෙන් මෙසේ ඉබේටම මිරිස් හට ගැනීම සිදුවිය හැක.

මිරිස්වල උද්භිද විද්‍යාත්මක නාමය – Capsicum annunm L වන අතර

කුලය – SOLANACEAE

ඉංගී‍්‍රසි බසින් – Chilly  නම් වේ.

මිරිස් මෙන්ම බටු,තක්කාලි, අර්තාපල් සහ දුම්කොල ආදියද SOLANACEAE කුලයට අයත් වේ.

මිරිස්වල ජන්ම භූමිය ලෙස සලකනු ලබන්නේ මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාවයි. මේ අතර Capsicum annunm කුලයට අයත් මිරිස් ඒවායේ ඵලය එහි සැර බාවය, වර්ණය, හැඩය, ප්‍රමාණය ආවේණික සුවඳ සහ ලබාගත හැකි ප්‍රයෝජන අනුව ප්‍රභේද කර ඇත.

මිරිස් වල අඩංගු රසායනික උපාදාන

මිරිස්වල අඩංගු Capsaicin නම් රසායනික සංයෝගය නිසා මිරිස්වල සැර ගතිය ඇති කිරීමටත් ඖෂධීය ගුණයන් ගෙන දීමටත් හේතු වේ. මෙම රසායනික උපාදානය මිරිස්වල අඩංගු නිසා රෝගාබාධ රැසකට ගුණදායක වේ.

මිරිස්වල පෝෂණීය වටිනාකම

වියළි මිරිස් ග්‍රෑම් 100 ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

1.ශක්තිය – කැලරි 291

2.ප්‍රෝටීන් – ග්‍රෑම් 15.0

3.මේද – ග්‍රෑම් 15

4.කාබෝහයිඩ්‍රේට් – ග්‍රෑම් 11

5.කැල්සියම් – මිලි ග්‍රෑම් 150

6.යකඩ – මිලි ග්‍රෑම් 9

7.රයිබෝප්ලේවින් – මයික්‍රො ග්‍රෑම් 300

8.කැරොටින් – මයික්‍රො ග්‍රෑම් 600

9.තයමින් – මයික්‍රො ග්‍රෑම් 500

10.නියැසින් – මිලි ග්‍රෑම් 12

11.විටමින් සී – මිලි ග්‍රෑම් 10 වශයෙනි.

 

කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 



subasetha

Comments