පෙර කළ අකුසල් ආත්මයක් ගාණේ විපාක දෙනවා

මැයි 17, 2019


නිලූගේ කෑගැසීමට මධුරංගි බැලුවාය. දඩබ්බර පැතුම් බලු පැටියාට පහර දෙන්නේය. බලු පැටියා ඔහුගෙන් ගැලවීමට නොගන්නා උත්සාහයක් නැත. ඌ අසරණ අහිංසක ලෙස නිලූ දෙස බැලුවේය. “අනේ අසරණ මාව බේරා ගන්න” ඒ අහිංසක දෑස්වල ලිය වී තිබිණි. පැතුම් බලෙන්ම බලු පැටියාට සබන් වතුර පෙවීමට උත්සාහ ගත්තේය.

නිලූ, පැතුම් ඇදගෙන ගොස් පහර දෙන තුරුම ඔහු ඌට සබන් වතුර පෙවීමට ගන්නා උත්සාහය නම් අත් ඇරියේ නැත. පවුලේ බාලයා නිසා පැතුම් වෙනත් දරුවන්ට වඩා මුරණ්ඩු විය. සෑම මොහොතකම බලු පැටියාට වධ දෙන නිසා නිලූ මධුරංගිට සුනඛයා දීමට සිතූ වාර අනන්තය. එහෙත් ඊට ද පැතුම් තරයේම විරුද්ධ විය. සුනඛයා දෙන බව පැවසූ විට දඩබ්බර ගති අඩු වුණත් යළි එය ඔහුගේ සුපුරුදු රාජකාරිය බවට පත් විය.

පැතුම්ගේ බාප්පා විදුහල්පතිවරයෙකි. ඉතා සැර ගති අයකු වූ ඔහු නිවෙසට පැමිණෙද්දී පැතුම් කරන දඟකාරකම් දුටුවේය. ඔහු පැතුම්ට ඉදිමී පලු එන තරමට වැරෙන් පහර දුන්නේ හොඳ දේශනාවකුත් කරමිනි.

“මේ කොල්ලා නම් මහ පව්කාරයෙක්. බලන්න ඔයාට කවදාහරි වහ කන්න වෙන්නේ”. බාප්පා එසේ පවසන විට පැතුම් “මට එහෙම වෙන්නෑ” මුරණ්ඩු සිතින් මිමිණුව ද කුඩා සිත මඳක් තිගැස්සිණි.

උපදෙස් :–
වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති

සටහන
චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 



subasetha

Comments