රෝග රැසකට සුවදෙන හෝමියෝපති වෛද්‍ය ක්‍රමය

මැයි 24, 2019

හෝමියෝපති යනු, ආයුර්වේදය හා සම්බන්ධ වෛද්‍ය ක්‍රමයක් ද?

මෙම ප්‍රශ්නය, නිතර අසන්නට ලැබේ. පිළිතුර වන්නේ, හෝමියෝපති යනු, චීනකටු හෝ ආයුර්වේද සම්බන්ධ වෛද්‍යක්‍රමයක් නොවන බවයි.

හෝමියෝපති යනු, ජර්මන් ජාතික, සැමුවෙල් හනිමන් වෛද්‍යවරයා විසින් ලොවට දායාද කළ විශිෂ්ඨ වූ වෛද්‍ය ක්‍රමයකි. ලොව පුරා රටවල් ගණනාවක්, හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ. මේ නිසාය.

හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේදී සියලුම රෝගීන්ට ලබා දෙන්නේ, එකම ඖෂධයක්ද යන්නද සමාජය තුළ පවතින ගැටලුවකි.

මෙහිදී සියලුම, රෝගීන්ට එකම ඖෂධයක් පමණක් භාවිතා නොකරන බව දැක්විය යුතුය. බාහිර පෙනුමෙන් සියලු ඖෂධ එක හා සමාන ලෙස පෙනුනද, ලබාදීමේදී ඖෂධ රෝගීයාගෙන් රෝගියාට වෙනස් වේ. රෝගියාට ඖෂධ ලබාදෙන මාධ්‍යය (ස්වරූපය) දියරමය (ඹ්ඪඳභඪඤ) සියුම් කුඩා ගුලි ඨධඡභතඥ පෙති (බචඡතඥබ) චූර්ණ කුඩු (නධඹඤඥප) ලෙසටද යන්න, වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ අතුරු ආබාධ පවතින බව බොහෝ දෙනෙකු තුළ පවතින මතයයි. එහෙත් මෙහි අතුරු ආබාධ නැත. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ඖෂධ මගින්, කිසිම අතුරු උපද්‍රවයක් සිදු නොවේ. මෙය, රෝගීන්ට ඉතාම ආරක්ෂිත වෛද්‍ය ක්‍රමයක් බව කිව යුතුය.

මෙම වෛද්‍ය ක්‍රමයේදී ප්‍රතිකාර කරනු ලබන, පදනම පිළිබඳ දැක්වීමේදී සරලවම, සඳහන් කළොත් ,එකම රෝගයෙන් පෙළෙන, රෝගීන් දෙදෙනෙකු ගැන සිතන්න. නමුත් ඔවුන් දෙදෙනාටම එකම ප්‍රතිකාර නොලැබේ. හේතුව, ප්‍රතිකාර සිදුකිරීම රෝගියාට නොව රෝගයට (බපඥචබ දධබ බඩඥ ඤඪඥචඵඥඵ ,බපඥචබ බඩඥ නචජඪඥදබ) යන මූලධර්මය හෝමියෝපති ක්‍රමය සතුව පැවතීමයි. මේ අනුව, එක් එක් රෝගීයාට තනි පුද්ගලයකු සේ සලකා ප්‍රතිකාර කිරීම සිදුවෙයි. එය (ධ්දඤඪමඪඤභචතඪබචබඪධද) ලෙසට හඳුන්වයි. ඒ සඳහා විශේෂිත වූ ප්‍රතිකාර වෛද්‍යවරයා සතුව පවතී. ශරීරයේ යම් කොටසක් රෝගී වුවොත් ප්‍රතිකාර කරනු ලබන්නේ එම අදාළ කොටසට පමණක් නොව සම්පූර්ණ රෝගියා වෙතටයි. මෙම වෛද්‍ය විද්‍යාවේ තවත් වැදගත් මූලධර්මයක් නම්. රෝගියාගේ කායික ර්‍ථඩරඵඪජචත හා මානසික ර්ඥදබචත තත්වයන් සලකා බලා සාර්ථක චිකිත්සාවක් කිරීමට හෝමියෝපති වෛද්‍ය විද්‍යාව සතුව පැවතීමයි.

මෙවැනි මූලධර්ම රාශියකින් සමන්විත මෙම වෛද්‍ය ක්‍රමය සියලු මූලධර්මයන් විද්‍යාත්මක පසුබිමක් මත නිර්මානය වී තිබීම නිසා ලොව පුරා ප්‍රචලිත වීම වැළැක්විය නොහැක.

හෝමියෝපති ප්‍රතිකාර සිදුකරන රෝග පිළිබඳ දැක්වීමේදී . . . .

 

වෛද්‍ය
හසිත ටිරාන් සුබසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments