පිළිකා රෝගය වළක්වන ආහාර වර්ග

මැයි 10, 2019

ප්‍රතිපිළිකා මූලික වශයෙන් සමන්විත වන්නේ එළවළු, ඔලිව්තෙල් හෝ කාබනික බටර්, මිංචි සහ කුළුබඩුවලිනි. විකල්පයක් වශයෙන් මස් හෝ බිත්තර හෝ යොදාගත හැකි වුවත් ඒ අමතර රසය සඳහා පමණි. මේ ආහාරය විශාල මස් පෙත්තක් සහ එළවළු ස්වල්පයක් සහිත බටර් ආහාර වේලකට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධය.

කොළ තේ

විවිධ විෂබීජ නාශකවලින් පොහොසත් කොළ තේ ට්‍යුමර වර්ධනයටත් ද්විතීයික ට්‍යුමර හටගැනීමට අවශ්‍ය නව රුධිර නාළිකා වර්ධනය අඩු කරයි. එයට අමරතව දිවි නසා ගැනීමට පිළිකා සෛල පොළඹවන අක්මාවේ එන්සයිම සක්‍රීය කර ශරීරයේ විෂ ඉවත් කරන ප්‍රබල ප්‍රතිඔක්සිකාරයක් මෙන්ම විෂනාශකයක් ද වේ.

කළු තේ ලබා ගැනීම සඳහා තේ කොළ පැසවීමේදී විෂබීජනාශක විශාල ප්‍රමාණයක් විනාශ වෙයි.

කොළ තේ කොළවල ඇති පිළිකා සෛල විනාශ කිරීමේ ගුණය නිසා නිරෝගිතාවය රැකගැනීමට තේ කෝප්ප 6 ක් පමණ දිනපතා පානය කිරීම වැදගත් වේ.

මෙම තේ කොළ භාජනවල සුළං නොවැදි ආරක්ෂිතව තබා ගැනීමෙන් පසුව භාවිතා කළ යුතුවේ.

වියළි කහ

කහ පැහැති වෑංජන සඳහා යොදනු ලබන කහකුඩු දැනට හඳුනාගෙන ඇති වඩාත්ම ප්‍රබල ස්වභාවික ප්‍රතිප්‍රදාහකයයි. පිළිකා සෛල විනාශවීම උත්තේජනය කර නව රුධිර නාළිකා උත්පාදනය එමඟින් වළක්වනු ලැබේ.

ශරීරයට අවශෝෂණයවීම සඳහා වියළි කහ, කළු ගම්මිරිස් සමඟ මිශ්‍ර කළ යුතුය. එය ඔලිව් තෙල්වල දියකිරීම වඩාත් උචිතය.

ඉඟුරු

ඉඟුරු ප්‍රතිඔක්සිකාරයකි. විටමින් ඊවලට වඩා සාර්ථක ප්‍රතිඔක්සිකාරයකි. ඉඟුරු, පිළිකා සෛල අවට රුධිර නාළිකා ඇතිකිරීම අඩු කරයි. අලුතින් පිළිකා සෛල ඇතිවීම වළක්වයි. තවද රසායනික සහ විකිරණ චිකිත්සාවලදි ඇතිවන ඔක්කාර ගතිය අඩු කරයි.

 

වෛද්‍ය
බර්ටි උබේසිරි නාරායන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments