ශල්‍ය නිවාරණ රස වෛද්‍ය ක්‍රමය

මැයි 24, 2019

කාලයක සිට බොහෝ කතා බහට ලක්වන රස වෙදකම පිළිබඳව මේ වන විට සාවද්‍ය මත, මිථ්‍යාවන් , මෙන්ම වැරදි ආකල්පද සමාජ ගත වෙමින් පවතියි. එය රස වෛද්‍ය ක්‍රමය මුහුණ දෙමින් පවතින ප්‍රධාන අභියෝගයකි.

රස වෙදකමෙහි උපන් දේශය වන්නේ භාරතයයි. භාරතයේ බුදේව් මුකර්ජි පරම්පරාවෙන් පැවත එන රසවෙදකම මාතර බෙලිදෙනියේ වෙද මුහම්දිරම් එම්.ඒ.පී. වෛද්‍යසේන මැතිතුමන් විසින් ලංකාවට ගෙන එන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම රස වෛද්‍යවරයා වූයේ මුහම්දිරම් එම්.ඒ.පී. වෛද්‍යසේන මැතිතුමන් වන අතර එය ප්‍රථම වරට ලංකාවේ ස්ථාපිත කරනු ලැබුවේ 1898 වර්ෂයේ දීය.

පසුව ශ්‍රී ලාංකික ජනතාවගේ රෝග නිවාරණයම උදෙසා රස ඖෂධ නිෂ්පාදනය සඳහා ශ්‍රී මංගල රස ඖෂධ නිෂ්පාදනාගාරය නමින් ක්‍රි.ව. 1900 දී මාතර බෙලිදෙනියේදී ආරම්භ කරන ලදී.

මෙසේ ශ්‍රී ලංකාද්විපය තුළ ස්ථාපිත කරන ලද රස වෙදකමෙහි දෙවෙනි පරම්පරාව වූයේ එම්.ඒ.පී. වෛද්‍යසේන මැතිතුමන්ගේ ශිෂ්‍ය පරම්පරාවේ රස වෛද්‍ය ආර්. ජේ. කුලරත්න මැතිතුමන්ය. එතුමාගේ අභාවයෙන් පසු මෙම වටිනා ශාස්ත්‍රය වලපල්ලට යා නොදී රැකගත්තේ එතුමාගේ පුත් රස වෛද්‍ය ලලිත් කුලරත්න මැතිතුමායි. තම පියා ගෙන් ලත් දැනුම් සම්භාරය තව තවත් වැඩිදියුණු කරමින් නව සොයා ගැනීම් ඔස්සේ රස වෙදකමෙන් ලොවක් ජයගන්නට හැකියාව ඇති රස වෛද්‍යාචාර්ය ආර්. කුලරත්නයන් එතුමන්ගේ ආදරණිය සහකාරිය වන රස වෛද්‍යාචාරිනී චන්ද්‍රිකා අල්ගම මහත්මිය මේ වන විට මෙම වෙදකමෙහි සැබෑ අයිතිකරුවන් ලෙස විශාල සමාජ මෙහෙවරක යෙදී සිටියි. රස වෙදකම පිළිබඳව ඔවුන් පවසන්නේ බොහෝ අසාධ්‍ය රෝග ශල්‍යකර්ම කිරීමකින් තොරව සුවකිරීමේ මනා හැකියාවක් රස ඖෂධ සතු බවයි. මේ වන විටත් ඒ බව සාක්ෂි සහිතව ඔප්පු කර ඇති බවද වෛද්‍ය කුලරත්න මහතා පවසයි.

මෙම රස වෙදකම ආයුර්වේද වෛද්‍යක්‍රමයටත්, බටහිර වෛද්‍ය ක්‍රමයටත් එහා ගිය වෙදකමකි. වෛද්‍ය කුලරත්න මහතා පවසන්නේ එය ඖෂධ නිෂ්පාදනය සඳහා රසදිය ඇතුළු තවත් බොහෝ ලෝහ වර්ග භාවිතා කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා කරනු ලබන “විකල්ප වෛද්‍ය” ක්‍රමයක් බවයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළද මේ වන විට රසවෙදකම තිබුණද මෙම වෙදකම පිළිබඳ කිසිම ආයුර්වේද සංහිතා ග්‍රන්ථයක සඳහන්ව නැත. එසේම රස ඖෂධ සකස් කරන ආකාරය හෝ එය භාවිතයට ගැනීම පිළිබඳ නිවැරදි තොරතුරු ආයුර්වේදයේ සඳහන්ව නොමැති බවද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ එය නිසි ප්‍රමිතියකින් සිදුනොවන බවද තවදුරටත් රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න මහතා පවසයි.

 

රස වෛද්‍යාචාර්ය
ලලිත් කුලරත්න

සුරේඛා සංජීවනි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 



subasetha

Comments