මොනවාද? මේ කොලෙස්ටරෝල්

මැයි 24, 2019

වෛද්‍ය
කේ.එල්.ජී. අමරනායක
D.A.M.S. (S.L)
MADF , Phd,(Acupuncture) (S.L)

කොලෙස්ටරෝල් යනු ඇතැම් පෝෂක පදාර්ථ මෙන්ම සිරුරට අත්‍යවශ්‍ය, එහෙත් පමණ ඉක්මවා ගියකල සතුරු වෙස් ගන්නා දෙයකි. කොලෙස්ටරෝල් ස්ටෙරොයිඩ් යටතේ ස්ටෙරෝල් (Sterol)  නම් රසායනික පවුලට අයත් වේ. සත්ත්ව ස්ටෙරෝල් අතරින් බහුලතම සංයෝගය ලෙස කොලෙස්ටරෝල් හැඳින්විය හැකිය.

ලොව වඩාත්ම ප්‍රකට රසායනික ද්‍රව්‍ය 20 අතුරින් එකක්වන කොලෙස්ටරෝල්වල ප්‍රධානතම ලක්ෂණය වනුයේ තදින් ඇලෙනසුළු බවයි. කොලෙස්ටරෝල් ලිපිඩයක් බැවින් ජලයේ දිය නොවේ. කොලෙස්ටරෝල් ප්‍රධාන වශයෙන්ම නිපදවනුයේ අක්මාව මගිනි. නිරෝගි පුද්ගලයකුගේ අක්මාව මගින් දිනකට කොලෙස්ටරෝල් ග්‍රෑම් 4 පමණ නිපදවනු ලබයි. දළ වශයෙන් කොලෙස්ටරෝල් 80% ප්‍රමාණයක් නිපදවනු ලබනුයේ අක්මාවයි.

මීළඟට වැඩි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇත්තේ මොළය, ස්නායු, පේශි හා මේද පටකවලය. ඊට අමතරව සියලුම සජීවි සෛලවලටද කොලෙස්ටරෝල් නිපදවා ගැනීමේ හැකියාව පවතී. මෙසේ ශරීර අවශ්‍යතාවයට සරිලන සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණයම පාහේ ශරීරයේම නිපදවාගැනීමේ හැකියාව පවතී. මීට අමතරව අප බාහිරව ලබාගන්නා සත්ත්ව ආහාර මගින්ද ශරීරයට කොලෙස්ටරෝල් ප්‍රමාණයක් එකතු වේ.

හුදෙක්ම කොලෙස්ටරෝල් රුධිරය තුළ පවතින්නේ තනි සංයෝගයක් ලෙස නොවේ. ලිපිඩවලට රුධිරය තුළ නිදහසේ ගමන් කළ නොහැකි නිසා ඒවා ප්‍රෝටීන සමඟ බැඳී පවතී. ඒවා Lipoprotein ලයිපොප්‍රෝටීන නමින් හැඳින්වේ.

මෙම ලයිපොප්‍රෝටීන, සමන්විතවී ඇත්තේ ප්‍රෝටීන, ට්‍රයිග්ලිසරයිඩ , කොලෙස්ටරෝල් සහ පොස්පොලිපිඩ් යන ලිපිඩ වර්ගවලිනි.

ලයිපොප්‍රෝටීන ලෙස මෙසේ පොදුවේ හැඳීන්වුවද රුධිරයේ අඩංගු ලයිපොප්‍රෝටීන් ප්‍රධාන කාණ්ඩ 4 කට අයත් වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments