රෝගයන් හා ඖෂධයන් එක්ව බැඳී පවතින ආයුර්වේදය හා බුදුදහම

මැයි 17, 2019

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් ,බුදුදහමත් එකට බැඳී පැවති බව බුද්ධ දේශනාවලින් මෙන්ම බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලිව දක්වා ඇත. බුදුන් දවස පැවැති ශල්‍ය වෛද්‍ය ක්‍රම පිළිබඳ පැහැදිලි කිරීමක් ජීවක වෛද්‍ය පුවතෙන් වුවද පෙන්වා දී ඇත. මහා වග්ග භෙසජ්ජකයේ සඳහන් කරුණු අනුව රෝගාබාධවලට ලක්වූ භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විසින් නියම කරන ලද ඖෂධ පිළිබඳ කරුණු රැසක්ම අඩංගු කොට ඇත.

මෙම කරුණු ගැන සැළකීමේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ සැළකීමේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මොනතරම් පැරණි ද යන්න වටහාගත හැකිය. බුදුරජාණන් වහන්සේ රෝගයන්නෙන් දක්වා ඇත්තේ කුමක්ද? ව්‍යාධියක් යන්නෙන් බුදුන් වනන්සේ දක්වා ඇත්තේ රෝග හා ආබාධයෝය.

දෙපතුළ පටන් හිස්මුදුන දක්වා අභ්‍යන්තරව හා බාහිරව හටගන්නා බොහෝ රෝගාබාධ ඇති බව පෙන්වා දී තිබේ. විශේෂයෙන් ඉන් රෝගාබාධ දෙකක් මෙසේ නම් කොට විස්තර කෙරේ. කායික රෝගාබාධ හා මානසික රෝගාබාධ වේ.

දිස්සන්ති භික්ඛවේ සත්තා කායිතෙන රෝගෙන

ඒකම්පි වස්සං ආරෝග්‍යා පටිජනාමානා පෙවස්සං

තංජි ආරෝග්‍යා පටිජානමානා – තේ භික්කංච

සත්තා දුල්ලභා ලොකස්මිං – යෙ වෙතසිතෙන

රෝගෙන මුහුත්තංපි ආරෝග්‍ය පටිජානානා අඤ්ඤ ඉඛිණා සවෙහි

මහණෙනි රෝගයෝ දෙදෙනෙකි කායික හා මානසික රෝග යෝය. මෙයින් කායික රෝගවලින් නොපෙලී අවුරුද්දක් දෙකක් තුනක් නොව ඊට වඩා වසර සියයක් වුවත් නිරෝගීව සිටින අය සිටිය හැකි. එහෙත් මානසික රෝගවලින් එක මොහොතක් හෝ පීඩා නොවිඳ සිටින අය රහතන් වහන්සේලා හැර වෙනත් අය සොයාගැනීම දුෂ්කරය. මෙයින් පෙන්වා දෙනු ලබන්නේ මනස නිරන්තරයෙන්ම රෝගී වන බවය. මනසේ පවතින සතුට හෝ අසතුට මත තම තම ශරීරයේ නිරෝගීතාවය බලපවත්වන බව පෙන්වාදීමයි. පල්ලේඛ සූත්‍රය මගින් මානසික රෝග හතළිස් හතරක් පවතින බවත් ඒ සඳහා දිය යුතු ප්‍රතිකාර විධිධ හතළිස් හතරක්ද පෙන්වා දී ඇත. සිතට වහල්වීම සිතමනාව පිහිටුවා නොගෙනීම නිසාද සිත දුර්වල වේ.

ශරීරයේ දුක් බොහෝය ආදීනව බොහෝය. ඇස් ලෙඩ, කන් ලෙඩ, කායික ලෙඩ, දිවේ ලෙඩ, ශරීරයේ ලෙඩ, කටේ ලෙඩ, දත් ලෙඩ නාසයේ ශ්වාසය දැවිල්ල, උණ උදර ලෙඩ බොහෝය. සිහිවිකල්වීම ,අතීසාර, ඉදිමුම, කුෂ්ඨය, කබර, අපස්මාරය, දද, කැසිල්ල රත්පිත මධුමේහය, අංශභාගය, පිළිකා, භගන්දර රෝගත් පිත්, සෙම්, වා තුන් දොස් හා ඍතු විපර්යාසයන් හා මළ මුත්‍රා යන මේ කරුණු වලින්ද විසම පැවතුමෙන් කර්ම දෝෂයෙන් සීත උෂ්ණ බඩගින්න පිපාසයට යන මේ කරුණුවලින්ද හටගන්නා වූ රෝගාබාධයන්ද බොහෝය. මේ ශරීරයේ බොහෝ රෝගාබාධ හට ගැනීමට ජලය, වාතය ශීතල උෂ්ණ ආහාර ආදි කරුණුද හේතුවන බව බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවෙන් වදාළහ.

 

බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර

සටහන
එස්.එස්.එස්. ප්‍රනාන්දු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 



subasetha

Comments