යහපත් ඇවතුම් පැවතුම් තුළින් දෙනෙත් වලට සුවය

මැයි 17, 2019


නීරෝගී බව ආරක්ෂා කිරීම හා රෝග නිවාරණය ආයුර්වේදයේ මූලික පරමාර්ථයයි. නීරෝගී බව ආරක්ෂා කර ගැනීම සඳහා පරිවර්ජනය හෙවත් අයහපත් ආහාර , අයහපත් ඖෂධ ආදියෙන් වැළකීම ඉතාම අත්‍යවශ්‍යයි.

පංචේන්ද්‍රියන්ගේ වැදගත්ම ඉන්ද්‍රියක් වන “ඇස” කිසිම ලෙසකින් හෝ මිල කිරීමට බැරි තරම් බව අමතුවෙන් ඔබට පැවසිය යුතු නොවෙයි. මේ නිසා දෙනෙත් පණමෙන් සුරැකගත යුතු බව අවධාරණයෙන්ම ඔබ අවබෝධකරගත යුතුය. වාතය, පිත, සෙම යන ත්‍රිදෝෂ අතුරින් අක්ෂි ආබාධ සඳහා බහුලව බලපෑම් කරන්නේ පිත් දෝෂයයි. මේ අනුව පිත වැඩිකරන ආහාරවලින් වැළකීමට ඔබ දැනුවත් විය යුතුයි. මෙහිදී දැඩි උෂ්ණ ගුණයන් සහිත ආහාර ලෙස සැලකෙන ඉස්සෝ, දැල්ලෝ, බලමාලු, හුරුල්ලෝ, කකුළුවෝ වැනි මුහුදු ආහාරද මිරිස් අධික ආහාර චට්නි , අච්චාරු වැනි ආහාරද ගඩුගුඩා, මැංගුස්, රඹුටන්, අන්නාසි, දුරියන් වැනි පලතුරු වැඩි පුර කෑමෙන්ද දෙල් වැනි ආහාර බහුලව වැළඳීමෙන්ද වැළකීම ඉතාම යහපත් බව මතක් කළ යුතුය.

ඇඹුල් රසැති ආහාරද අගුණයි

ඇඹරැල්ලා , අමු අඹ, බිලිං , සියඹලා වැනි ආහාර ඉතා රසැති වුවත් එවැනි දෑ වැඩි වශයෙන් වැලඳීමෙන් ශරීරයේ පිත් දෝෂය කෝප කරයි. මෙවැනි ආහාර සීමාකිරීම මගින් ඔබට අනාගතයේ ඇතිවිය හැකි අක්ෂි රෝගවලින් කල්තියාම ආරක්ෂාවිය හැකිය. අච්චාරු . මුදවාපු කිරි ආදිය අම්ලාධික ආහාර ලෙස සැලකේ.

ඉක්මණින් ජීරණය නොවන ආහාර

ඉක්මනින් ජීරණය නොවන ආහාර වර්ග අනුභවය මගින්ද ශරීරයේ පිත් දෝෂය අවුස්සයි. එම ආහාර ආයුර්වේදයේ හඳුන්වන්නේ “විදාහි ආහාර” ලෙසයි. වර්තමාන මිනිසුන්ගේ අධික කාර්යබහුල ජීවන රටාව නිසාම නිවසේ පිසින ආහාරවලින් වැළකී වෙළඳපලෙන් මිලදී ගන්නා කොත්තු රොටී, ෆ්‍රයිඩ් රයිස්, පරාටා ඇතුළු ක්ෂණික ආහාර හා පාන්පිටිවලින් නිපදවන සියලුම බේකරි ආහාර වර්ග මෙන්ම සියලුම මත්පැන් වර්ගද විදාහි ආහාර ලෙස දැක්විය හැකියි.

කුසගින්න දැනෙන විට ආහාර ගන්න

 

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ
වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර

සටහන රඹුක්කන
කීර්ති එස් කුමාර

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments